ඊයේ අලුත් රෝගීන් 20ක්; එකතුව 330ක්

ඊයේ දිනය තුළ කොවිඩ් 19 ආසාදිතයන් 20 දෙනකු අලුතින් සොයා ගැනීමත් සමඟ මෙරටින් හමුවූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 330ක් වී ය.

මේ අතර පොලොන්නරුව ලංකාපුර ප්‍රදේශයේ  නාවික හමුදා සෙබලෙකුට ද  රෝගය අසාදනය වී ඇති බව සොයාගෙන ඇත. වැලිසර නාවුක හමුදා කඳවුරේ සේවය කළ ද ඔහු කොවිඩ් සම්බන්ධ කිසිදු කටයුත්තකට සම්බන්ධ වී නැත. මේ නිසා එම සෙබළා නිවාඩු ලබා ගමන් කළ බස් රථයේ සිටි නාවික හමුදා සෙබළුන් සියලු දෙනා ගැන පරීක්ෂණ අරඹා ඇති බව වාර්තා වෙයි.

ඊයේ හුමු වූ අනිකුත් රෝගීන් සියලු දෙනා හමු වී ඇත්තේ නිරෝධායනයට යොමුකළ පිරිස් අතරිනි . 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *