සජිත්ගේ 15ක් සිරිකොතේ

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් දුරකතනය ලකුණ දරන සමගි ජන බලවේගයෙන් මහ මැතිවරණයට නාම යෝජනා බාර දුන් එක්සත් ජාතික පක්ෂයේ  හිටපු ජ්‍යෙෂ්ඨ ඇමතිවරු හයදෙනක් හා මන්ත්‍රීවරු නවදෙනෙක් යළි එජාප ජ්‍යෙෂ්ඨයන් සමග සාකච්ඡා ආරම්භ කර ඇතැයි සිරිකොත ආරංචි මාර්ග සදහන් කරයි.

මෙම සාකච්ඡා ආරම්භ කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුදැනුම ඇතිවය. මහ මැතිවරණය කල් යාමත් සමග ඇතිව තිබෙන දේශපාලන පසුබිම පදනම් කරගනිමින් මොවුන් එක්සත් ජාතික පක්ෂය සමග සාකච්ඡා ආරම්භ කර ඇත.

එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨයින් සමග පවත්වන සාකච්ඡාවෙන් අනතුරුව මෙම පිරිස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට නියමිතය.

දිනමිණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *