|

ලොක්ඩවුන් කිරීමට එරෙහිව ඇමරිකාවේ උද්ඝෝෂණ – සෞඛ්‍ය සේවකයෝත් පාරට බසිති

ඇමරිකාවේ කොලරාඩෝ ජනපදයේ, වසංගතය ව්‍යාප්ත වීම අඩාල කිරීම පිණිස පවත්වාගෙන යන ලොක්ඩවුන් කිරීමට එරෙහි ජනතාව මේ වන විට උද්ඝෝෂණ ආරම්භ කර තිබේ. අද වන විට දැකගත හැකි වන්නේ සෞඛ්‍ය සේවකයන් ද සිය නිල ඇඳුම් පිටින්ම එම විරෝධතාවලට එක් ව ඇති ආකාරයයි.

‘Free Colorado’ සහ ‘කුඩා ව්‍යාපාර විනාශ නොකරනු‘ යනාදී පුවරු ද උද්ඝෝෂකයන් අතේ දැකගත හැකි විය.

කොලරාඩෝ ජනපදය නැවත විවෘත කරන ලෙසත්, වසංගතයට මුහුණ දීම සඳහා වඩාත් ඵලදායී ක්‍රියාමාර්ග ආරම්භ කරන ලෙසටත් ඔවුහු රජයට බල කර සිටිති.

මෙම විරෝධතාවය පැවැත්වුණේ කොලරාඩෝ ජනපදයේ ඩෙන්වර් අගනුවර ය.

කෙසේ නමුත් ලංකාවේ හෝ ඉන්දියාවේ මෙන් පාරට බසින ජනතාව අත්අඩංගුවට ගැනීමක් නම් මෙහිදී සිදුවූයේ නැත.

මේ වන විට කොලරාඩෝ ජනපදයෙන් කොවිඩ්-19 ආසාදිතයන් 9,730 දෙනෙක් හමුවී ඇති අතර, මරණ 420 ක් වාර්තා වේ. අප්‍රේල් 26 වැනිදා දක්වාම ඔවුන් සඳහා ‘ස්ටේ-ඇට්-හෝම්‘ නියෝගය බලපැවැත්වීමට නියමිත ය.

මේ වන විට ඇමරිකා එක්සත් ජනපදයේ ජනගහනයෙන් 97%ක්ම සිය නිවාස තුළ රැඳී සිටිති. බොහෝ ජනපද නැවත විවෘත කෙරෙන්නේ මැයි 1 වැනිදාට බව ජනපති ට්‍රම්ප් කියා තිබේ. 

– අමාලි ජයවීර – අවුට්බවුන්ඩ් ටුඩේ | www.outboundtoday.com/


Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *