අද තව රෝගීන් 8ක් හමුවෙයි ; දවසට 32යි ; එකතුව 303යි ; පාලනය ගිලිහුනා දැයි සැකයක් !

අද දිනය තුළ තවත් කොරෝනා  ආසාදිතයන් 8 දෙනකු සොයා ගැනීමත් සමග එක දිනක දී රෝගීන් 32ක් වාර්තා කරමින් උපරිම තත්ත්වයට පත්විය.

ඒ අනුව සමස්ත රෝගීන් සංඛ්‍යාව 303 දක්වා ඉහල ගියේ ය.

මේ අනුව මෙතෙක් පවත්වාගෙන ආ කොරෝනා රෝග පාලනය ගිලිහී ගියේදැයි සෞඛ්‍ය අංශවල සැක මතු  වී ඇති බව කියති.

ඉන්දියාවේ සංචාරය කළ කාන්තාවක් ස්වසන රෝගී තත්ත්වයෙන් පසුගිය මාර්තු 25 දා කොළඹ ජාතික රෝහලට පැමිණිය ද ඇදුම රෝගී ඉතිහාසයක් තිබු ඇයට එම  රෝග තත්ත්වය උත්සන්න වී ඇතැයි සිතා සති දෙකක් එම ප්‍රතිකාර කරමින් සිටීම මෙම තත්ත්වයට හේතු වී තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේ සති දෙකක මෙම කාලය තුළ සැලකියයුතු පිරිසකට වෛරසය අසාදනය වී තිබිය හැකි බව යි.

රෝගී කාන්තාවගේ සැමියා කොළඹ නගර සභාවේ සේවය කරන බවත් , ඔහු මගින් රෝගය පැතිරී ඇත්දැයි මේ වනවිට පරීක්ෂණ ආරම්භ කොට ඇති බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *