ඉන්දියානුවන්ට මෙරට රස්සා දෙන කතාව පට්ටපල් බොරුවක් – නියෝජ්‍ය ඇමති ආචාර්ය හර්ෂ ද සිල්වා

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර යෝජිත ආර්ථික සහයෝගිත ගිවිසුම මගින් ඉන්දියානු පරිගණක ඉංජිනේරුවන්ට හා වෙනත් වෘත්තිකයන්ට මෙරට රැකියා වෙළෙදපොල විවෘත කරන බවට ගෙනයන ප්‍රචාරය පට්ටපල් බොරුවක් බව නියෝජ්‍ය විදේශ ඇමති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා යුක්තියට ප්‍රකාශ කළේය .විවිද ක්ෂේත්‍රවල ආර්ථික සහයෝගිතාව හා ව්‍යාපාරික අවස්ථා විවෘත කර ගැනීම සදහා අත්සන් කිරීමට යන මෙම ගිවිසුමට රැකියා වෙළෙදපොල විවෘතකිරීමේ කිසුදු කොන්දෙසියකට ශ්‍රී ලංකාව එකග නොවන බවද ඒ මහතා කියයි . විපක්ෂය මෙලෙස බේගල් පතුරු වන්නේ ආණ්ඩු විරොදයක් ගොඩ නැගීමට කිසිදු හේතුවක් සොයාගැනීමට නොහැකි නිසා බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය .

යෝජිත ගිවිසුම තවමත් සකස් කොට නැති බවත් , මුලික අදහස් හුවමාරුව පමණක් මේ දිනවල සිදුවන බවත් හර්ෂ ද සිල්වා මහතා කියයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *