කසිප්පු පෙරීම ගෘහ කර්මාන්තයක් වීමෙන් පසු ආණ්ඩුව බාර් අරින්න තීරණය කරයි

ඇඳිරි නීතිය ඉවත් කළ ද රට බීම හල් විවෘත කිරීම තහනම් කොට තිබු ආණ්ඩුව අද සිට එම තහනම ඉවත් කොට ඇත. ඒ අනුව ඇඳිරි නීතිය ඉවත්කළ ප්‍රදේශ වල එම කාලය තුළ බීම හල් විවෘත කිරීමට අවසර දී තිබේ .

මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජන මාධ්‍යයට ප්‍රකාශ කොට තිබුනේ පසුගිය දිනවල නීති විරෝධී මත්පැන් පෙරීම ගෘහ කර්මාන්තයක් තත්ත්වයට වර්ධනය වී ඇති බවයි. එමෙන්ම මත්පැන් පෙරීමේ තාක්ෂනය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම ද සිදුව ඇති බව පොලිස්මධ්‍ය ප්‍රකාශකවරයා කීය.

රට බීම හල් විවෘත කිරීමට රජය ඉඩ ලබාදී ඇත්තේ එලෙස නීති විරෝධී මත්පැන් පෙරීම ප්‍රචලිත වීමෙන් පසුව ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *