සෙනග නැතිව බස් දුවන්න බැරිනම් ගෙදර තියාගෙන ලීසිං ගෙවන්න – දෙරණේ චතුරගෙන් බස් ගැමුණුට තර්ජනයක්

ප්‍රමාණවත් මගී සංඛ්‍යාවක් නැතිව බස් දුවන්න බැරි නම් බස් ගෙදර තියාගෙන ලීසිං ගෙවන්න යයි දෙරණ රුපවාහිනියේ චතුර අල්විස් මාධ්‍යවේදියා අද බස් හිමියන්ට තර්ජනාත්මකව ප්‍රකාශ කළේය . නැතිනම් පැමිණ බස් ධාවනය කරන ලෙස ද ඔහු වැඩිදුරටත් පැවසීය.

මගීන් 20 -25ක් පමණක් පටවාගෙන බස් ධාවනය කිරීම මගින් පාඩු ලැබිය නොහැකි බවට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා මාධ්‍යයට කළ ප්‍රකාශයක් පිළිබඳව සදහන් කරමින් අද දින දෙරණ අරුණ වැඩ සටහන ඉදිරිපත් කරමින් චතුර අල්විස් මාධ්‍යවේදියා මෙම තර්ජනාත්මක ප්‍රකාශය කළේ ය.

දෙදෙනකු හෝ තිදෙනකු ගමන් කරන ආසනයක එක් මගියකු පමණක් රැගෙන යා යුතු බවටත් සිටගෙන මගීන් ගෙන යා නොහැකි බවටත් රජය පෞද්ගලික බස් හිමියන්ට නියම කොට ඇත. බස් හිමියන් පවසන්නේ එසේ මගීන් රැගෙන යාමෙන් ලැබෙන ආදායම රියදුරු , කොන්දොස්තර වැටුප් ගෙවා ඩීසල් වියදම පියවා ගැනීමට වත් ප්‍රමාණවත් නැති බව යි. එසේ බස් ධාවනය කිරීමට නම් රජයේ යම් සහනාධාරයක් අවශ්‍ය බව ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කොට ඇත.

එසේ නම් බස් ගෙදර තියාගෙන ලීසිං ගෙවන්න යයි චතුර අල්විස් මාධ්‍යවේදියා තර්ජනය කරන්නේ මේ සම්බන්ධයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *