පාර්ලිමේන්තු මැතිවරණය කල් දාන්න ජනාධිපතිට බලය තිබුණේ නැහැ ; බලය ඇත්තේ මැතිවරණ කොමිසමට යි – අගමැතිගෙන් මාධ්‍ය නිවේදනයක්

පසුගිය මාර්තු දෙවැනිදා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් මැතිවරණය පවත්වන දිනය අප්‍රේල් 25 හැටියටත්,  අලුත් පාර්ලිමේන්තුව මුල් වරට හමු වෙන දිනය මැයි 14 වැනිදා හැටියටත් නියම කළ බවත්   ඊට දින දහයකට පසු පළමු කොරෝනා රෝගියා සොයා ගත් අවස්ථාවේදී මැතිවරණය පවත්වන දිනය කල් දැමීමට ජනාධිපතිවරයාට බලය නොතිබුණු බවත් අගමැති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් කිය සිටියි.

ඊයේ නිකුත්කළ එම නිවේදනයේ මෙසේ ද සඳහන් ය.

1981 අංක 1 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 24(3) වගන්තියට අනුව ජනාධිපතිවරයා නියම කළ දිනයට පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නොහැකි නම්, ඒ සඳහා වෙනත් දිනයක් නියම කිරීමට මැතිවරණ කොමිසම බැඳී සිටීයි.

සති ගණනක් හෝ මාස ගණනක් ඉදිරියට අනාගතයේ විය හැකි හෝ නොහැකි දේවල් පිළිබඳව ඇතිකරගන්නා උපකල්පන මත අනිවාර්යෙන්ම පිළිපැදිය යුතු නීතිමය ප්‍රතිපාදන නොසළකා හැරිය නොහැක.

” කොරෝනා වෛරස් වසංගතය ඇමරිකාව, ඉන්දියාව, බංග්ලාදේශය වැනි රටවලට බලපෑවේ එම රටවල් කාලයක් මුළුල්ලේ වේගවත් ආර්ථික වර්ධනයක් සාක්ෂාත් කරගෙන, ශක්තිමත්ව සිටි අවස්ථාවකය.  නමුත් ලංකාවට මේ උවදුරට මුහුණ දීමට සිදුවූයේ දරුණු ආර්ථික කඩාවැටීමක් මධ්‍යයේය.

මේ අවස්ථාවේදී අස්වැසිල්ලට ඇත්තේ ව්‍යවස්තාවේ 150 (3)  වගන්තිය යටතේ ජනාධිපතිවරයාට හිමිවෙන මුදල් බලතල පිළිබඳ විධිවිධාන පමණි.  අපිට කොරෝනා වෛරස් වසංගතයට මුහුණ දීමට සිද්ධ වූයේ මේ සියලුම අවාසිදායක තත්ත්වයන් මධ්‍යයේය.  

පසුගිය මාර්තු 11  වැනිදා පළමු කොරෝනා රෝගියා  හමුවීමත් සමගම,  අපි රෝගය කල්තියා හඳුනා ගැනීම, රෝගීන් වෙන්කර ප්‍රතිකාර කිරීම, අවදානමට ලක්වූ පුද්ගලයන් නිරෝධායනයට ලක් කිරීම,  රෝගීන් ඇසුරු කළ පුද්ගලයන් සොයා ගැනීම සහ සමාජ දුරස්ථ භාවය පවත්වා ගැනීම වැනි පාලන ක්‍රමවේදයන් හඳුන්වා දුන්නෙමු.   මේ ආකාරයේ මෙහෙයුමක් අපගේ ජීවිත කාල තුළ කිසිදාක අපි අත්දැක නැත. 

මේ සියලුම දේවල් එක විට ඉතා කෙටි කාලයක් තුළ සංවිධානය කර ගැනීමට හැකිවීම සැබැවින්ම කලමනාකරණයේ ප්‍රාතිහාර්යයකි.  කොරෝනා වෛරස් වසංගතය පාලනය කිරීමේදී ලංකාව ලබාගෙන ඇති සාර්ථකත්වය අද මුළු ලෝකයම පිළිගනී. ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් අද්විතීය නායකත්වයක් සපයා ඇත.  අපේ රජයේ වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල මුලු ලෝකයේම අවධානය දිනාගෙන ඇත. 

රෝගීන් ඇසුරු කළ පුද්ගලයන් සොයාගැනීමේදී අපේ බුද්ධි අංශ පෙන්වා ඇති දක්ෂකම හා කැපවීම නිසාත්,  නිරෝධායනය ක්‍රියාවලිය පවත්වාගෙන යාමේදී  ත්‍රිවිධ හමුදාව පෙන්වා ඇති කාර්යක්ෂමතාවය නිසාත් රෝගය පැතිරීම පාලනය වී ඇත.   පොලීසිය ඇතුළු සෑම තරාතිරමකම රජයේ සේවකයන් කොරෝනා මර්ධන ව්‍යාපාරයේ සාර්ථකත්වයට දායක වී ඇත.  අද කොරෝනා වෛරසය නිසා අනාරක්ෂිත වී ඇති ලෝකය තුළ අපේ රට වඩාත්ම සුරක්ෂිත ස්ථානයකි. 

ඉන්පසු, පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබෙන අවස්ථාවක රජයේ මුදල් වැය කිරීමට ජනාධිපතිවරයාට බලය නැතැයි කියමින් ඔවුන් සෞඛ්‍ය සේවය ඇතුළු සියලු රජයේ  සේවාවන් කඩාකප්පල් කිරීමට උත්සාහ දැරුවේය.  නව පාර්ලිමේන්තුව ජූනි දෙවැනිදාට කලින් හමුවිය යුතු බවත්, පාර්ලිමේන්තු මැතිවරණය ඊට කලින්  පැවැත්වීමට නොහැකි බවත්, එම නිසා පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් පත්‍රය අහෝසි කළ යුතු බව අද ඔවුන් පවසා සිටී.  

යහපාලන ආණ්ඩුව අවුරුදු තුනකින් පළාත් පාලන ඡන්දය කල් දැමූ ආකාරය අපට මතකය. ඒ ඡන්දය උසාවියට ගොස් දින නියමයක් නැතිව කල් දමා ගැනීමට ඔවුන් ගත් උත්සාහය  ව්‍යාර්ථ වූයේ නඩු නැති පළාත් පාලන ආයතන වලට හෝ ඡන්දය පවත්වන බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කළ නිසා පමණි.  

ශ්‍රේෂ්ඨාධිකරණයට  පෙත්සමක් ඉදිරිපත් කොට ප්‍රකාශයට පත් කර තිබුණු පාර්ලිමේන්තු මැතිවරණයක් අවලංගු කර ගත් දේශපාලන පක්ෂ සිටින ලෝකේ එකම ප්‍රජාතන්ත්‍රවාදී රට වෙන්නෙත් ශ්‍රී ලංකාවය.  වත්මන් පාර්ලිමේන්තු මැතිවරණය කල් දමා ගැනීමට මේ ගෙනියන උත්සාහය ඒ අපකීර්තිමත්  යටගියාවේම දිගුවකි.  කුමන අවස්ථාවකදී හෝ සාමාන්‍ය ජනජීවිතය මෙය රටේ නැවත ආරම්භ විය යුතුය. 

අපේ පරිපාලන දිස්ත්‍රික්ක 25න්, එකොළහක එකම කෙරෝනා වෛරස් ආසාදිතයෙක් වත් නැත.  තවත්  දිස්ත්‍රික්ක හතක ආසාදිතයන්  හමුවී ඇත්තේ එක්කෙනෙකු හෝ දෙදෙනෙකි.  තවත් දිස්ත්‍රික්ක  දෙකක රෝගීන් පස් දෙනෙකුත් හත් දෙනෙකුත් අතර ගණනක් සොයාගෙන ඇත.  රෝගීන් සැළකිය යුතු ගණනක් සොයා ගෙන ඇත්තේ  දිස්ත්‍රික්ක පහක පමණි.   

පසුගිය මාර්තු දෙවැනිදා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් මැතිවරණය පවත්වන දිනය අප්‍රේල් 25 හැටියටත්,  අලුත් පාර්ලිමේන්තුව මුල් වරට හමු වෙන දිනය මැයි 14 වැනිදා හැටියටත් නියම කළේය.  ඊට දින දහයකට පසු පළමු කොරෝනා රෝගියා සොයා ගත් අවස්ථාවේදී මැතිවරණය පවත්වන දිනය කල් දැමීමට ජනාධිපතිවරයාට බලය නොතිබුණි.  

1981 අංක 1 දරණ  පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 24(3)  වගන්තියට අනුව ජනාධිපතිවරයා නියම කළ දිනයට පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නොහැකි නම්,  ඒ සඳහා වෙනත් දිනයක් නියම කිරීමට මැතිවරණ කොමිසම බැඳී සිටී. දිනයක් නියම නොකොට පාර්ලිමේන්තු මැතිවරණය කල් දැමීමට මැතිවරණ  කොමිසමට  බලයක් නැත.  

සති ගණනක් හෝ මාස ගණනක් ඉදිරියට අනාගතයේ විය හැකි හෝ නොහැකි දේවල් පිළිබඳව ඇතිකරගන්නා උපකල්පන මත අනිවාර්යෙන්ම පිළිපැදිය යුතු නීතිමය ප්‍රතිපාදන නොසළකා හැරිය නොහැක. 

මැතිවරණ කොමිසම මුලින්ම 24(3) වගන්තිය යටතේ ඔවුන් වෙත පැවරී ඇති කාර්‍යභාර්ය නීතියට අනුකූළව ඉටුකර, ඉන් පසුව සාකඡ්චා කළ යුතු කාරණයක් ඇත්නම් ඒ වෙත යොමු විය යුතුය.  “

Leave a Reply

Your email address will not be published. Required fields are marked *