ආසාදිතයින් සංඛ්‍යාව 254 දක්වා ඉහළට

මේ වනවිට තවත් කොරෝනා ආසාදිත රෝගීන් 6 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.

ඒ අනුව අද (18) දින ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ මුළු රෝගීන් සංඛ්‍යව 254 ක් බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

වැලිසර නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්කර සිටින පිරිස අතරින් මෙම රෝගීන් 6 දෙනා වාර්තා වී ඇති බවත් ඒ මහතා පැවසීය.

මේ වන විට ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය ආසාදනය වී රෝගීන් 7 දෙනෙකු මියගොස් ඇති අතර 86 දෙනෙකු සුවය ලබා පිටව ගිය ගොස් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *