කොව්ඩ් 19 පරීක්ෂණ කවුරුත් කිව්වාට කරන්න බැහැ ; ක්‍රමවේදයක් තිබෙනවා – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්

කොවිඩ් 19 පරීක්ෂණ කර ගැනීමට නොයෙකුත් අංශවලින් ඉල්ලීම් ලැබුන ද කියන කියන ආකාරයට පරීක්ෂණ කළ නොහැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා කියයි . පරීක්ෂණ කටයුතු කරන්නේ කිසියම  නිශ්චිත ක්‍රමවේදයකට අනුව බවත් , වසංගත රෝග පාලනය කිරීමේ ක්‍රම අනුව කළ යුතු පරීක්ෂණ මොනවද යන්න තීරණය කරන බවත්, ඒ මහතා වැඩිදුරටත් පැවසී ය.

මේ වනවිට කොවිඩ් 19 සඳහා දිනකට පරීක්ෂණ 500ක් පමණ සිදුකරන බවත්, ඒ සඳහා පුහුණු කාර්ය මණ්ඩල ක්‍රියාත්මකව සිටින බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ පරීක්ෂණ ප්‍රමාණවත් නැති බවට ඇතැම් පිරිස් මතුකොට ඇති විරෝධතා වලට පිළිතුරු සපයමිනි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *