කොරෝනාවට නව ඖෂධ තුනක් සායනික පරීක්ෂණ තත්ත්වයේ – ලෝක සෞඛ්‍ය සංවිධානය

කොවිඩ් 19 රෝගය සඳහා අලුතින් නිපද වූ ඖෂධ තුනක් ගැන  දැන් සායනික පරීක්ෂණ සිදුකරමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක අධ්‍යක්ෂ ටෙඩ්රෝස් අධනොම් ගෙබ්‍රියසුස් මහතා ප්‍රකාශ කළේ ය.

ලෝක සෞඛ්‍ය සංවිධානය ඊයේ පවත් වූ පුවත්පත් සාකච්ඡාවට එක්වෙමින් ඒ මහතා ප්‍රකාශ කළේ නව ඖෂධයක් සොයා ගැනීම සඳහා තවත් පරීක්ෂණ රාශියක් සිදුවෙමින් පවතින බවයි.

මේ අතර දැනට භාවිතයේ ඇති වෙනත් ඖෂධ හතරක් කොවිඩ් සඳහා ප්‍රතිකාර කිරීමට කොතරම් සුදුසු ද ? යොදාගත යුතු ඖෂධ සංයුතිය කුමක් ද? යන්න පිළිබඳව රෝගීන් 900ක් යොදා ගෙන දැන් පරීක්ෂණ සිදුවන බව ද ඒ මහතා හෙළි කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *