“පරිප්පු නැත්නම් වට්ටක්කා කාපල්ලා” – දෙරණේ චතුර අල්විස්

වෙළෙඳ පොලේ පරිප්පු හිග වී ඇති නිසා ජනතාව සුපුරුදු අහාර රටාව වෙනස් කළ  යුතු බවත් , මේ වනවිට ගොවීන්ට වට්ටක්කා අස්වැන්න විකුණාගත නොහැකිව ඇති බවත් දෙරණ  මාධ්‍ය ජාලයේ චතුර අල්විස් මාධ්‍යවීදියා අද ප්‍රකාශ කළේ ය. අද දෙරණ වැඩ සටහන ඉදිරිපත් කරමින් ඔහු මෙලෙස කීවේ ජනතාව දැන් පරිප්පු වෙනුවට වට්ටක්කා කෑ යුතු බව යි.

මීට සති තුනකට පෙර ආණ්ඩුව පරිප්පු සඳහා පාලන මිලක් නියම කළ විට දෙරණ කීවේ මහජනයාගේ අත්‍යවශ්‍ය ආහාරයක මිල අඩුකොට ආණ්ඩුව ජනතාවට විශාල සහනයක් ලබා දී ඇති බවයි . පාලන මිලක් නියම කළ ද එම පාඩුව රජය දැරුවේ නැත. වැඩි මිලට බඩු ගෙන්වා අඩුවට විකුණන වෙළෙදුන් නැති නිසා පරිප්පු ආනයනය නැවතිණ . පරිප්පු නැති වුණේ  එහෙම ය.

ඒ කතා කිසිවක් නොකියන දෙරණේ චතුර දැන් කියන්නේ ” පරිප්පු නැත්නම් වට්ටක්කා කාපල්ලා” කියා ය.

තමන් නියෝග කළ විට බඩුමිල අඩුවන බව සිතන පාලකයෙක් දැන් අපට සිටිති. අඩුවට තිබුණේ  කන හැටි ජනතාවට කිය දෙන්නට කෙනෙකි . චතුර ඇතුළු දෙරණ දැන් ඒ වැඩේ භාරගෙන ය.

දැන් ජනතාවට තිබෙන්නේ පරිප්පු නැතත් වට්ටක්කා තිබෙන බව සිතා හිත හදා ගන්නට ය.

ජනතාවට නම් මේ කන පරිප්පුව හොඳට ම ඇති වෙලා ය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *