පරිප්පු 69කින් සහ සැමන් 92කින් ඉහළට. නිකුත් කිරීමත් සීමිතයි – කීල්ස්

පරිප්පු සහ සැමන් සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පැනවූ පාලන මිල ඉවත් කරගත් බව රජය පසුගිය අප්‍රේල් 10 වනදා දැනුම් දී ඇති බැවින් නව මිල ගණන් ප්‍රකාශයට පත්කරන බව කීල්ස් සමාගම දැනුම් දී තිබේ. 

ඒ අනුව රුපියල් 65ක් ලෙස පාලන මිල සඳහන්ව තිබුණු පරිප්පු කිලෝග්‍රෑමයක නව මිල රුපියල් 134ක් වන අතර රුපියල් 100ක් ලෙස පාලන මිල සඳහන්ව තිබුණු ග්‍රෑම් 425 ටින් මාළු එකක් රුපියල් 192කට අලෙවි කෙරෙන බවයි ඔවුන් පවසන්නේ. 

එසේම නැවත දැනුම් දෙනතුරු එක් පාරිභෝගිකයකුට මිලදී ගත හැකි පරිප්පු ප්‍රමාණය කිලෝග්‍රෑම් 02කට ටින් මාළු ප්‍රමාණය ටින් 02කට ද සීමා කර ඇති බවයි ඔවුන් දැනුම් දී තිබේ. 

රුපියල් 65 දක්වා අඩුකිරීමට පෙර වෙළඳපොලේ සාමාන්‍යයෙන් පරිප්පු කිලෝවක් අලෙවි වූයේ රුපියල් 130කටය. පාලන මිල ක්‍රියාත්මකව පැවතියේ දින 20ක් පමණි. 

LANKANEWSWEB


Leave a Reply

Your email address will not be published. Required fields are marked *