මහා මැතිවරණය ජුනි මස අග දී – දිලුම් අමුණුගම

මහා මැතිවරණය ජුනි මස අග භාගයේ දී පැවැත්වෙනු ඇති බව පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කරයි .

කොවිඩ් 19 රෝගය මේ වනවිට බොහෝ දුරට පාලනය වී ඇති බව රජයට වාර්තා ලැබී ඇති බවත් ඒ අනුව මැතිවරණය ඉක්මනින් පැවැත්වීමට  හැකි වනු ඇති බවත් අමුණුගම මහතා මහනුවර මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කොට ඇත.

කොවිඩ් රෝගbතත්ත්වය නොතකා ආණ්ඩුව මැතිවරණය ඉක්මනින් පැවැත්වීමට උත්සහ දරන බවට මේ වනවිට රජයට චෝදනා එල්ල වී තිබේ.

අමුණුගම මහතා ඉහත ප්‍රකාශය කොට ඇත්තේ එම චෝදනාවට පිළිතුරු දීමක් වශයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *