ආර්ථික අර්බුදය බරපතලයි ; අයි එම් එෆ් තිත්ත බෙහෙත් බොන්න ලෑස්තිවෙන්න – ආචාර්ය සමන් කැලේගම .

වසර ගණනාවක් තිස්සේ සිදුකල වැරදි ආර්ථික කළමනාකරණයේ ප්‍රතිපල වසයෙන් ශ්‍රී ලංකාව දැන් මුහුණදී සිටින ආර්ථික අර්බුදය බරපතල බවත් එයට විසදුම වන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ආධාර ලබාගැනීම පමණක් බවත් ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය සමන් කැලේගම මහතා කොළඹ පවතී සම්මන්ත්‍රණයකදී ප්‍රකාශ කොට ඇත . මෙම අර්බුදය අරඹ වන්නේ 2012දී පමණ බවත් දැන් එය බරපතල වී ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කොට තිබේ . තම ආයතනය මේ ගැන කල් තබා කල අනතුරු ඇගවීම් පවතී ආණ්ඩුව ගණන් නොගත් බවද කැලේගම මහතා ප්‍රකාශ කොට ඇත .

මෙවර මෙරටට ආධාර කිරීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල බරපතල කොන්දේසි පනවනු ඇති තමන් විස්වාස කරන බවද කැලේගම මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි .

මේ අතර නියෝජ්‍ය මුදල් ඇමති සරතමුනුගම මහතා පසුගියදා ප්‍රකාශ කලේ මුල්‍ය අරමුදලේ ආධාර ලබාගැනීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවයි .

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *