ජනාධිපතිගේ සෙවල වැඩට සගයින්ගේ විරෝධය – රාජිත , චම්පික , අර්ජුන තදින් සිටියි

පසුගිය රජයේ දුෂිතයන්ට හා මිනීමැරුම් ආදී චෝදනා ලැබුවන්ට එරෙහිව පියවර ගැනීම් ප්‍රමාද කිරීමත් ජනතාවට දුන් අනෙක් පොරොන්දු ඉටු නොකිරීමත් සම්බන්දයෙන් රාජිත සේනාරත්න , චම්පික රණවක , අර්ජුන රණතුංග ඇමතිවරුන් ජනාධිපතිවරයාට තම බලවත් විරෝධය ප්‍රකාශ කොට ඇති බවත් , මෙමකරුනු නිවැරදි කර ගැනීමට වහාම පියවර නොගතහොත් ආණ්ඩුව සම්බන්ධයෙන් තම ස්ථාවරය පිළිබදවද නැවත සලක බැලීමට සිදුවන බව දැනුම්දුන් බවත් තතුදත් ආරංචි මාර්ග කියයි . මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා සමග ඉවත්වී යහපාලන ආණ්ඩුව ගොඩනැගීමට එක්වූ මෙම තිදෙනා කියා ඇත්තේ තමන්ට සහය දුන් සිවිල් සංවිධාන මේ වනවිට බලවත් කලකිරීමෙන් සිටින බවයි .

ලබන මස හතරවනදට යෙදෙන නිදහස් දින සමරුව වනවිට මේ සම්බන්ධයෙන් පැහැදිලි වැඩ පිළිවෙලක් ඉදිරිපත් කරන ලෙසද මෙම ඇමතිවරුන් තිදෙනා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කොට තිබේ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *