කොරෝනා ආසාදිතයන් ඇසුරුකළ අය තව ඉන්නේ 1347 යි – ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා

කොරෝනා හෙවත් කොවිඩ් 19 ආසාදිතයන් සමග සබඳතා පැවත්වුවන් ලෙස හඳුනාගත් අය අතරින් විශාල පිරිසක් නිරෝධායනය වී පිටව ගොස් ඇති බවත් තව ඉතිරිව සිටින්නේ 1347ක ප්‍රමාණයක් බවත් කොරෝනා මර්ධන ජනාධිපති කාර්ය සාධන කමිටු ප්‍රධානී ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ ය.

අසාධිතයන් ඇසුරු කළ 42,000ක් සිටින බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කළ ප්‍රකාශනයක් පිළිබඳව දෙරණ රුපවාහිනිය කළ විමසුමකට පිළිතුරු දෙමින් ශවේන්ද්‍ර සිල්වා මහතා කීවේ එම සංඛ්‍යාව මෙම ප්‍රශ්නයේ මුල සිට හදුනාගනු ලැබූ පළමු , දෙවන, තෙවන, සම්බන්ධතා සියල්ලේ එකතුව බව යි. එම සම්පුර්ණ සංඛ්‍යාව මේ වනවිට 48,008ක් බව ද සිල්වා මහතා කීය.

මෙයින් අති විශාල පිරිසක් මේ වනවිට නිරෝධායනය අවසන් කොට ඇත . හමුදාව යටතේ 1347ක් නිරෝධායනය ලබමින් සිරින ඇතර අකුරණ, අටුලුගම, හා පුත්තලම ප්‍රදේශවල තවත් පිරිසක් නිවෙස්වල ස්වයං නිරෝධයනයේ යෙදී සිටිති .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *