ජාතික භීතිකා රෝගයෙන් පෙලෙන ජාතියක් – ප‍්‍රගීත් එක්නැලිගොඩ – වසර හයකට පෙර අතුරුදන් කළ මාධ්‍යවේදියා ජාතියට දුන් පණිවිඩය නැවත කියවමු

සිංගප්පූරුවේ හිටපු අගමැති ලී ක්වාන් යූ මහතා සැලැකෙනුයේ කෘතහස්ත දේශපාලඥයකු හැටියට පමණක් ම නොවේ. අභිතව තීරණ ගෙන අභියෝග ජයගත් ආසියාවේ සිටින ආදර්ශමත් නායකයකු ද හැටියට ය. එතුමා ‘‘දකුණු ආසියාවේ අභියෝග’’ යන මැයෙන් පැවැත් වූ සම්මන්ත‍්‍රණයක දී ශ‍්‍රී ලංකාව ද උදාහරණයට ගනිමින් සිය අදහස් පළ කළේ ය. එහිදී ශ‍්‍රී ලංකාව හඳුන්වනු ලැබුයේ ලෝකය හෝ කාලය ගැන නොදත් අඩුම තරමින් තම රට ගැනවත් සම්‍යක් දෘෂ්ටියක් නැති එන්න එන්නම මැනැස කුඩාවන අ¥රදර්ශී, අල්පශ‍්‍රැත නායකයන් විසින් විනාශය කරා ගෙන යන රම්‍ය ¥පතක් ලෙස ය. තම රටේ සාක්‍ෂාරතාවය 99%ක් ම ඇතැයි ද එනිසා තම රටේ ඉන්නේ බුද්ධිමත් ජනතාවක් යැයි ද කියා ශ‍්‍රී ලංකා ජනරජවාසීන් අතර ප‍්‍රචලිත මතයක් තිබේ. මේ රටේ මහා ප‍්‍රඥාව ඇති ¥ පුතුන් ඩැහැ ගැන්මට ලෝකයේ ලොකු ලොකු රටවල් කොයි වෙලේත් ඇහැ ගහගෙන ඉන්නවා යැයි සිය රට ගැන කල්පනා කරන දේශපේ‍්‍රමියෙකුට ලී ක්වාන් යූ මහතාගේ ඉහත කියමන සිත් රිදවන සුලූ විය හැකිය. එහෙත් ඒ කියමන ඇත්තකි. ලංකාවේ ජනතාව බුද්ධිමත් නම් අප‍්‍රබුද්ධ නායකයන් බිහි වන්නේ නැත. මෙ තරම් දේශපාලඥයන් කපන බොරු වලවල්වලට ඇදවැටෙන්නේ නැත.

බි‍්‍රතාන්‍ය පාලකයන් අප අත් හළ දා පටන් මේ රට පාලනය කළේ ලංකාවේ පාලකයන් ය. දේශීය ධනපති පංතිය හෝ කොම්ප‍්‍රදෝරු ධනපති පංතිය හෝ තවත් මොන මොන නම් වලින් හැඳින් වූවද ඔවුන් ශ‍්‍රී ලාංකිකයෝ ය. වඩාත්ම නිවැරදින කියනවා නම් සුන්දන්ටත් නැති ඈත ඉතිහාසයක් ඇති ශ්‍රේෂ්ට බහුතර සිංහල ජනතාවගේ නායකයන් ය. මේ අඩ සියවස ඇතුළත අප ගමන් කරමින් ඉන්නේ විනාශයක් කරා නම්, ඒ බහුතර ජන සමූහය පත්කරගත් නායකත්වයට එහි වගවීමෙන් මගහැර සිටිය නොහැකි ය. අප විනාශයක් කරා ගමන් කරමින් සිටිනවාය යන කියමන පොදුවේ ගත් කල ශ‍්‍රී ලංකා ජනරජයේ කුමන පුරවැසියා වුවද පිළිගනු ලබන්නකි. එය කාගේත් සාමූහික පිළිගැනීමය. ආසියානු කලාපයේ ජපානය හැරුණු කළ අන් රටවල්වලට වඩා කල් ඇතිව සාක්‍ෂරතාවයත්, සමෘද්ධියේ මාවත විවර කරගැනීම ඉටුකරගත් රටක් වුවත් තම ජාතියේත්, තම ජාතියට නායකත්වයක් දුන් නායකයන්ගේත් අනමනකම් නිසා කාලකණ්නි භාවයට ඇද වැටී ඇති පිලිපීනය තරම්ම ශ‍්‍රී ලංකාව කෂඩ රටක් බවට පත් වී හමාර ය. මෙම රටවල් දෙකම තක්කඞීන් පිළිගැනීමට තොරණ ඉදි කරන ජනතාවකගෙන් සමන්විත ය. මෙම රටවල් දෙකම සොරුන් ඇතුලූ වූ කුස්සි (සිනොවියෙව්) බවට පත් වී තිබේ.

මෙම අභාග්‍ය සම්පන්න තත්ත්වය මෙම රටවල්වලට හදිසියේම පාත් වූ මරාලයක් නම් නොවේ. එය දශක ගණනාවක සිට සෙමින් සෙමින් පියවරෙන් පියවර කාගෙ කාගේත් කෙරුවාවල් නිසා වර්ධනය වූ කාලකන්ණි තත්ත්වයකි. එය ජනතාව විසින්ම තම නායකයන් ද නායකයන් විසින් තම ජනතාව ද අන්‍යෝන්‍ය වශයෙන් රැුවටීමත්, රවටා ගැනීමට උත්සාය කිරීමට දැරූ දීර්ඝ අඛණ්ඩ ක‍්‍රියාවලියක ප‍්‍රතිඵලයක් බව කිව යුතුය. ශ‍්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසය යනු එම අපකීර්තිමත් ඉතිහාසයේ වාර්ථා සටහනයි.

වාර්ගික ඇන කොටා ගැනීම් හැටියටත් දුණ හා වංචා හැටියටත් පාර්ලිමේන්තු කළබගෑනි හැටියටත් කලින් කලට මෙම ජාතික අපකීර්තිය ගිණිකන්දක ලාවා මෙන් පුපුරා පිටට ගලා එයි. මෙ වර එය යළිත් වතාවක් පිටට ගලා එන්නට වූයේ 2008 වසර සඳහා අය – වැය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත්වීමෙන් පසුව ය. මැතිවරණ තරග පැවති කාල වකවානුවලදී තම නොවරදිනසුලූ උත්තුංග ප‍්‍රතිපත්ති ජනතාව හමුවේ තබා පාර්ලිමේන්තුවට තේරී පත්වන මන්ත‍්‍රීවරු තමන් සිටින්නේ බලය නැති කඳවුරක් තුළ යැයි දැනගත් මොහොතේ සිට අර තමන්ගේ ‘‘නොවරදිනසුලූ උත්තුංග ප‍්‍රතිපත්ති’’ කහල ගොඩට විසි කොට කලින් ඉතාම නරකැයැයි දිවුර දිවුරා සිටි ප‍්‍රපත්ති වෙනුවෙන් බලය ඇති කඳවුරට එකතු වෙති. ඒ නරක ප‍්‍රතිපත්ති වෙනුවෙන් ලජ්ජාවකින් තොරව පෙනී සිටිති. මන්ත‍්‍රීවරුන් බලය ඇති අතුවල එල්ලීම ලංකාවේ පුරවැසියනට දැන් හුරුපුරුදු අත්දැකීමකි. එහෙත් තමන් ඇමතිකම් ගන්නේ දෙන කොට යෙක් නොගෙන සිටීම අශිෂ්ට කමක් යැයි කවුරුන් හෝ කියාවි යැයි යන බියට මිස තමන් ඒවාට ඇති ආශාවක් නිසා නොවේයැයි යන හැ`ගීමක් ගෙනදෙන්නට මෙම සංක‍්‍රමණික මන්ත‍්‍රීවරු උත්සාහ කරති. මේ නිසා තව දුරටත් පාරු මාරුවෙන්න බැරි වූ අනික් මන්ත‍්‍රීවරුන් ප‍්‍රතිපත්තිගරුකයැයිම කියන්නට නොහැකිය. මන්ද කියනවා නම් අද දේශපාලය බලය, අධ්‍යාපන, ව්‍යවසායකය වැනි තවත් ජීවනෝපායක් ලෙස ව්‍යවහාරික වශයෙන් තහවුරු වී ඇති හෙයින් එම ව්‍යවහාරික දේශපාලන චුම්බක  ක්‍ෂේත‍්‍රයට ඇතුළු වූ දේශපාලනඥයන් අග‍්‍ර ගතවන්නේ ප‍්‍රතිපත්තිමත නොව බලය මත නිසාය.

රට වෙනුවෙන් සටනට වැද සිටින ජනාධිපතිවරයාගේ දෑත් ශක්තිමත් කිරීමට තම හද පත්ලෙන් බුර බුරා නැගෙන දේශපේ‍්‍රමය නිසාම මෙලෙස විපක්‍ෂයෙන් ආණ්ඩු පක්‍ෂයට එකතු වීමට ගමන් කරනා මන්ත‍්‍රීවරුන්ගේ පෙරෙහැර තවමත් නැවතී නැත. එහෙත් අර තවමත් හරියාකාරව ශක්තිමත් වී නැති දෑතින් ඒ දේශහතෛශී ජනාධිපති වරයාගේ ආණ්ඩුව තුළ සිදුවන ¥ෂණ, වංචා සහ ප‍්‍රජා ද්‍රෝහී සැහැසිකම් ඉවසා දරා සිටීමට නොහැකිව, ඒ තෙක් ආණ්ඩුවේ හිටපු මන්ත‍්‍රීවරු ආණ්ඩුවෙන් එළිට බැස ප‍්‍රසිද්ධියේම එම ප‍්‍රජාද්‍රොහී ක‍්‍රියාව හෙළිදරව් කරන විට අර මංත‍්‍රී වරුන් ශක්තිමත් කරන්නට යන්නේ කෙබඳු දෑත් ද යන්න පැහැදිලි වේ. මෙම පාර්ලිමේන්තුවත්, විපක්‍ෂයත්, ආණ්ඩුවත් මොන තරම් කසි කබල් ආයතනදැයි එමගින් පැහැදිලි වේ. ආණ්ඩු පක්‍ෂයේත් විපක්‍ෂයේත් ඉතාම සීමිත මන්ත‍්‍රීවරුන් අතළොස්සක් දෙනා හැරුණු කල අනෙක් අති බහුතරය වල ඉහගන්නට කල එනතෙක් බලා ඉන්නා ඇබිත්තයන් (පංච තන්ත‍්‍රය* රංචුවක් බව සනාථ වී තිබේ.

ආණ්ඩුව ඇතුළත් සිදුවෙමින් තිබුණු වංචාව සහ ¥ෂණය අරමුණු කොටගත් සැලසුම් සහගත ප‍්‍රජා විරෝධි සැහැසිකම, ආණ්ඩු පක්‍ෂයේ සිට විපක්‍ෂයට පැමිණ අසුන්ගත් විජයදාස රාජපක්‍ෂ මන්ත‍්‍රීවරයා විසින් හෙළිදරව් කිරීමත් සම`ගම එම මන්ත‍්‍රිවරයාගේ පක්‍ෂය මාරු කිරීම, (ඔහු දිගටම එම ස්ථාවරයේ පිහිටා කටයුතු කළහොත්* පාර්ලිමේන්තුවේ ගරුත්වය සහ ජනතාවගේ පරමාධිපත්‍ය වෙනුවෙන් කළ ශිෂ්ට සම්පන්න පියවරක් බව පැහැදිලි විය. විජයදාස රාජපක්‍ෂ යනු ¥ෂණ සහ වංචා විමර්ශනය කිරීම සඳහා පත්කළ පාර්ලිමේන්තු කමිටුවේ සභාපති වරයා ය. නීතිඥයකු ලෙස සිය වෘත්තීය පුරුද්ද නිසා බිඳ හෙළිය නොහැකි තර්ක සහ විචක්‍ෂණව පෙළ ගස්වනු ලැබූ කරුණු මගින් ජනතාවගේත් පාර්ලිමේන්තුවේත් පරම අයිතීන් උලංගනය වන්න් කෙසේදැයි කියා ඔහු සනාථ කිරීමෙන් පසු එතෙක් ආණ්ඩුවේ විලිි වැසී තිබූ අන්තිම දුහුල් සලූව ද ලිහී බිම වැටිණ. එහෙත් එම තියුණු හෙළිදරව් කිරීම් වලට පිලිතුරු දීමට ඉදිරිපත් වූ තවත් නීතිඥයකු වන ‘අහිංක’ ඇමති සුසිල් පේ‍්‍රමජයන්ත මහතා මෘග හඬ තැලීමෙන් හෙළිදරව් වූයේ භීතිය නීතිය බවට පත්ව ඇති සැටිය. මේ පනස් වසරක් ද ඉක්ම ගොස් සිටින අපගේ පාලන සංස්කෘතියෙන් ශේෂ වූ අස්වැන්න නොවේ ද? මේ ගැන බාහිර සතුරෙකුට දොස් පැවරිය හැකිද?, මිනිසෙකුට නොමිනිසෙකු හා නිවටයෙකු වීමේදී ඊට සීමාවක් නැතැයි ඔහු සනාථ කළේ ය. බලය එතරම්ම නිර්දයය.

භීෂණය යටතේ නිවටභාවය ප‍්‍රඥාව ලෙස වෙස් ගන්නා බව කියති. මේ එය සනාථ වූ අපූරු අවස්ථාවකි. ‘‘බලය දරන උදවිය එම බලය තමන් වෙතින් ගිලිහී යනු ඇතැයි කියා බිය වී ¥ෂණය වෙති. එම බලයට යටත්ව සිටින උදවිය බලය විසින් ඇති කරනා පීඩාවට බිය වීම නිසා පිරිහෙති.’’ යන බුරුමයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලීගයේ නායිකා ෙඖං සුං සූකී මහත්මියගේ ප‍්‍රසිද්ධ කියමන සනාථවන අවස්ථාවකි මේ. සුසිල් ප්‍රේම් ජයන්ත මහතා ඇතුලූ ආණ්ඩු පක්‍ෂයේත්, ආණ්ඩුවට සංක‍්‍රමණය වූ ‘‘දෑත් ශක්තිමත් කරන්නන්ගේත්’’ බැ?රුම් ප‍්‍රහාරයට විජේදාස රාජපක්‍ෂ මන්ත‍්‍රීවරයා, පාර්ලිමේන්තුවේ ගරුත්වයත්, තමන්ගේ ආත්ම ගරුත්වයත් වෙනුවෙන් ගත් පියවර සැලකුණේ කුමන්ත‍්‍රණකරුවෙකුගේ, ද්‍රෝහියෙකුගේ මෝඩ ක‍්‍රියාවක් ලෙස ය. එනම් තම හෘද සාක්‍ෂිය වෙනුනේ කතා කිරීම මෝඩකමක් බවය. එය ඇත්තක් හෝ බොරුවක් වනුයේ ඉදිරියටත් හෙතෙම එම ස්ථාවරයේ සිටියෝතින් ය. මෙහි බුද්ධිමත් භාවය වශයෙන් ඝෝෂකයන් පිළිගනු ලැබ ඇත්තේ බලය ඇත්තන් කරන ¥ෂණය හා ප‍්‍රජාද්‍රෝහී කම ආරක්‍ෂා කිරීම හෝ අඩුම තරමින් ඒ ගැන කතා නොකර සිටීම ය. කලූ ගලේ ඔලූව ගසා නොගෙන උදා වූ අවස්ථාවෙන් යමක් උපයා ගැනීම ප‍්‍රඥාවය. මෙය භීතිය ප‍්‍රඥාවේ වෙස්ගත් අවස්ථාවකි. යක්‍ෂයා දෙවියන් ලෙස වෙස්ගෙන සිටින අවස්ථාවකි. නැත්නම් තමන් අධ්‍යාපන ඇමතිවරයා හැටියට මීට ටික දිනකට පෙර පළමු වසරට ළමුන් ඇතුළත් කර ගැනීමේ ගැටලූවට මුහුණ පා තමන් රජයන රෙජිමයේම නින්දා සහගත බලපෑමටම ගොදුරු වී නීච වී අසරණ භාවයට පත් වී සිටි අන්දම සුසිල් පේ‍්‍රම ජයන්ත මහතාට අමතක වී තිබෙන්නට විදියක් නැත.

මෙ බඳු වූ ජන සමාජයක වසන මිනිස් ප‍්‍රාණීන් ට ප‍්‍රතිභා සම්පන්න පෞරුෂයක් හටගන්නේ නැත. මෙ බඳු වූ සමාජයකට අර්බූදයකට මුහුණ දී ගන්නට නොහැකි ය. මේ බඳු වූ සමාජයක් මත නීතියේ ආදිපත්‍යය හො ගෞරවය පිහිටුවීම අසීරු ය. ලොව පරිහානියට පත්වන  ඕනෑම සමාජයක තත්ත්වය මෙ බඳු ය. තමන් ජීවත් වන සමාජය තුළම එහෙමත් නැත්නම් අවසානයේ තමා තුළම පවත්නා දෝෂය නො දක්නා මොවුහු පිටින් එන කවුදෝ සතුරෙකු නිසා තමන්ට මෙම දශාව උදා වී ඇතැයි කියා සිතා සිටිති. මෙය කල් ඇතිව සාදා ගත් හඳහනකට අනුව දරුවෙකු බිහි කිරීමට බලා සිටිනවා වැනිය. පිළිතුර අතේ ඇතිව ඊට සරිලන ප‍්‍රශ්නයක් සොයමින් සිටින්නා සේ ය.

මෙ බඳු වූ සමාජයකට ලැබෙන දේශපාලන පක්‍ෂ පවා රටකට නායකත්වයක් ලබා දීමට තරම් ශක්තියක් හෝ පුලූල් දැක්මක් ඇති ඒවා වන්නේ නැත. මන්ද කියනවා නම් එවා ද අර පරිහානියට ලක් වී ඇති සමාජයේම නිරූපණයක් වන නිසා ය. සිංගප්පූරු අගමැතිවරයාග් කියමනේ ඇති එකම අඩුව වූයේ නායකයන් පමණක් නොව ජන සමාජයද අමන බව සඳහන් නොකිරීමය. බලය අත්පත් කරගන්නේ කෙසේද කියා කල්පනා කරනවා මිස බලය පවත්වාගෙන යන්නේත්, තම රට ශිෂ්ටාචාරයේ ඉදිරියට මෙහෙය වන්නේ කෙසේ ද කියාවත් අදහසක් මෙම පක්‍ෂවලට නොමැත. ශ‍්‍රී ලංකාවේ වර්තමාන අත්දැකීම් මගින් පෙන්නුම් කරනනේ එය නොවේද? බලය ලබා ගැනීමට  ඕනෑම නිර්ලජ්ජිත ක‍්‍රියාවක යෙදීමට මෙම පක්‍ෂ සූදානම් බවකි. එක්තරා යුගයක දේශපාලනික වශයෙන් පරිහානියට පත්ව හරි හමන් නායකත්වයක් නො තිබූ ඉතාලියේ තත්ත්වය ගැන දැක මීට සියවස් ගණානාවකට පෙර ඉතාලිය එක්සත් කිරීම ගැන නිකලෝ මකියාවේලි මෙ වැනි අදහසක් පළ කළේ ය. ‘‘ඉතාලිය එක්සත් කිරීමට ශක්තියක් පාප් වහනසේට නොමැත. එහෙත් ඉතාලිය එක්සත් කිරීමට වෑයම් කරන යමෙකු වෙතොත් ඒ උත්සාහය වැළැක්වීමට තරම් ශක්තියක් පාප් වහනසේට ඇත.’’ (කුමාරයා* පෙනී යන අන්දමට අප ඉන්නේ ද එබඳු වූ අවාසනාවන්ත දේශපාලන පරිසරයක ය. ශ‍්‍රී ලංකාවේ ගැටලූව විසඳීමට කුඩා පක්‍ෂයකට ශක්තියක් නැතත් යම් ප‍්‍රධාන පක්‍ෂයක් උත්සාහ දරයි නම් ඒ උත්සාහය වැලැක්වීමට තරම් ශක්තියක් කුඩා පක්‍ෂයකට ඇත. ඒ අනුව අර්බූදය කාටත් පොදු බැවින් සෑම දේශපාලන පක්‍ෂයකටම හිසට ඉහළින් ඩිමොක්ලීස් ගේ කඩුව එල්ලී ලෙළදෙමින් තිබේ.

මහින්ද රාජපක්‍ෂ මහතාගේ රජය කුමන හෝ මොහොතක තමන්ගේ බලය ගිලිහී ගොස් තමා පසුපස යම් දේශපාලන කරුමයක් එල්ලී ඇතැයි යන බියෙනි. ඒ නිසාම බලය රැුක ගත යුතුමය. ඉතින් බලය රැුකගැනීම සඳහා සම්මත මාර්ග වලින් බැහැරව ¥ෂිත මාර්ග ඔස්සේ ගමක් කිරීමට එම රජයට සිදු වී තිබේ. එක්සත් ජාතික පක්‍ෂයද කුමන් උප්පැරවැටිටියක් යොදා හෝ බලය ලබා නොගතහොත් එම පක්‍ෂය කෙරෙහි ඇති සම්මත බලාපොරොත්තු ක්‍ෂය වී බලය ලබා ගැනීමට ඇති මාර්ග අවහිරවනු ඇතැයි බියකින් පසුවේ. මේ නිසා ම එම පක්‍ෂය ද දේශපාලනික වශයෙන් අපිරිසිදු මාර්ගයක වුවද ගමන් කරන්නට සූදානම් ය. ජ.වි.පෙ සහ හෙළ උරුමය තමන්ට බලය ලබා ගත නොහැකි වුව ද සිය පැවැත්ම ගැන ඇති බිය නිසා ම බලය ඇති පක්‍ෂයකට ආවේශ වී එම පක්‍ෂයේ අවයවයක් වීමට තරම් පසුබට නොවෙති. ඉන්පසු එම ආතුර වූ පක්‍ෂය ද මරු වැල වෙත ගෙනයාමට ක‍්‍රියා කරති. එමෙන්ම දකුණේ ආණ්ඩුවක් සමග සම්මුතියකට පැමිණීම කෙරෙහි ඇති බිය සහ සැකය නිසාම බලයට පත්වන  ඕනෑම ආණ්ඩුවක් මිලිටරිමය වංකගිරියක සිර කිරීමට අවි අත දරා සිටින මෙළ ගරිල්ලා ව්‍යාපාරය ක‍්‍රියා කරයි. යුද්ධයක පැටලී සිටීමෙන් දකුණේ දේශපාලන ආරවුල් තාවකාලිකව හෝ නිහඬ කිරීමට ආණ්ඩුවට හැකි නමුත් තමන්ගේ පැවැත්ම යුද්දයක් මත රඳවා තබා ගන්නවා හැර රටේ අනාගතය වෙනුවෙන් සාමය ඇති කිරීම සඳහා සන්නද්ධ ගරිල්ලන් සමග දේශපාලන සම්මුතියකට එළඹීමට ශක්තියක් නැත. එසේ කළහොත් අර දකුණේ ආරවුල මුලූමනින් ම නොසන්සුන් වෙතැයි කියා ආණඩුව බිය ය. මේ නිසාම ශ‍්‍රී ලාංකික සමාජයේ දේශපාලන හර පද්ධතිය විකෘති වී තිබේ. මෙනිසා බලය, යහපත සහ පෞද්ගලික අනාගත ආලෝකය ඇති කරනු සඳහා මෙහෙය වනු ලැබෙති. එකම පක්‍ෂයකටවත් රට ගැන හැ`ගීමක් නැතැයි කියන අඳෝනාව නැගෙන්නේ ඒ හෙයිනි. මෙම කටුක යථාර්ථය නිසා සමස්ත සමාජයම අ`ගලක් හෝ ඉදිරියට ගමන් කළ නොහැකි තත්ත්වයකට පත් ව තිබේ. මෙය රටක් පත් විය හැකි අවාසනාවන්තම තත්ත්වයකි. මෙය තුන්වන ලෝකයේ තුන්වන පන්තියේ දේශපාලන තත්ත්වය මෙන්න මෙහෙම තමා කියා පෙන්නුම් කිරීමකි.

සුදු ජාතික ස්වාමිවරුන්ගෙන් 1948 දී අප නිදහස් වන විට, රටටම එක සේ සාධාරණව පිළිගත හැකි නායකත්වයක් සහිත ආණ්ඩුවක් හෝ ආණ්ඩුක‍්‍රමයක් ගොඩ නගා ගැනීමට අපි අසමත් වීමු. ඉන් අදහස් කරනුයේ අප රටේ ජීවත් වන ලොකු – කුඩා සෑම ජනවර්ගයක්මත්, සැම උප ජන සමූහයක්මත් (කුල – ප‍්‍රාදේශීය අනන්‍යතා* එකා පිට අනෙකා නො නගින සේ, එනම් ¥රාවලියක් ඇති නො වන සේ සමාන්තරගත ආකාරයකට ප‍්‍රජාතාන්ත‍්‍රික හා සමාජ සාධාරණත්වය රජයන ආන්ඩු ක‍්‍රමයක් ගොඩ නගා ගැනීමට අසමත් වූවාය යන්න ය. අපගේ ඒ බැරි වීම හෙවත් අතපසු වීම පළමුවෙන්ම වාර්ගික විතැන් වීමකට ආරම්භයක් ලබා දුන්නේ ය. ලාංකික අනන්‍යතාවයක් ඇති මහා නායකයෙකු නොමැති වූයෙන් එතැන් සිටම අපට ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට සිදුවූයේ ඔලූගෙඩි ගණනින් පමණක් වැඩි සිංහල ජන සමූහය (වර්ගය) මත අරා සිටීමෙනි. ඒ මොහොතේ සිටම අපගේ ශ‍්‍රී ලාංකික අනන්‍යතාවය වාෂ්ප වන්නට පටන් ගැනිණ. ඒ නිසාම ජාතික දැක්මක් ඇතිව මේ රට දියුණු ලෝකය දෙසටය මෙහෙයවන්නට නොහැකි විය. ජාතියක්, ජන සමූහයක් සංඛ්‍යාවෙන් විශාල වීම වාසියක් කර ගනිමින් එය රටේ පැවැත්මට රුකුලක් බවට පත් කර ගැනීමට අසමත් ව අපි අපගේ ආත්මය තුළ සැ`ගව ඇති මොකක්දෝ බියක් හේතුවෙන් කුඩා ජන සමූහයක් ලෙස සිතන්නට පුරුදු වී සිටිමු. අපට හැකි වූයේ සංඛ්‍යාත්මකව අපගේ විශාලත්වය රටේත්, අවසානයේ අපගේත් අයහපතට යොදා ගැනීමට පමණය. එනම් සංඛ්‍යාවෙන් කුඩා ජන සමූහ වලට අප තුළ ඇති අර බිය නිසා අපගේ ලොකකුම පෙන්වා අප යටතේම තබා ගැනීමට උත්සාහ කිරීමෙන් අසමගිය වර්ධනය කර ගනීමට ය. මේ නිසාම ආරම්භ වී තිබූ වාර්ගික විතැන්වීම එතෙක් කල් නො තිබූ දේශපාලන සමාජ අර්බුද මාලාවකට අලූත් ගුරුත්ව කේන්ද්‍රයක් ලබා දුන්නේය. එ තැන් සිටම අපගේ මෙම රම්‍ය දිවයිනේ දේශපාලන අරමුණු සහ අපේක්‍ෂාවන් භ‍්‍රමණය වන්නට පටන්ගෙන ඇත්තේ ඒ වාර්ගික දේශපාලන ගුරුත්වය කේන්ද්‍රය වටා ය.

සියලූම දේශපාලන පක්‍ෂවලට හෝ ධාරවන් වලට ඒ මගින් අලූත් හැඩතල හා පෙනුමක් හා වෙළඳ පොලක් ලබා දුන්නේ ය. සමස්ත රාජ්‍යයක් හැටියට හිස එසවීමට අපට තිබූ හෝ තිබෙන්නට තිබූ අරමුණ සහ අපේක්‍ෂා ක‍්‍රමයෙන් මැකී යන්නට විය. අප ජන සමාජයේ සිතුවිලි හෙවත් චින්තනය වාර්ගික ගුරුත්ව කේන්ද්‍රයේ ග‍්‍රහණයට හසුවිය. මේ නිසා අපගේ නිර්මාණ කලාවට පවා විකෘත හැඩයක් ලැබගෙන තිබේ. කවුරුහරි ද්‍රෝහියකු ගේ පාවාදීමක් නොවන්නට අපට ජයගන්නට තිබුනා යැයි යන නූලෙන් මිස්වුනා චින්තනය කලා නිර්මාණ අතුලූවී ඇත්තේ ඒ අනුව ය. ඉතිහාසය පළිබඳ අපේ අලූත් පඨිකය කියැවෙන්නේ සෑම අතින්ම එම බිය සහ සැකය ඇතුලූ කර ගැනීමෙනි. කොටින්ම කිවහොත් දියුණුවට පත් ලොව අනෙක් සමාජය තුළ සිදුවෙන ප‍්‍රකෘති ලෝකය සහ මිනිසා අතර සංවාදය වෙනුවට ජනවර්ග දෙකක් අතර සිදුවන අමහිහිරි සංවාදයක් බවට පත් වී ඇත. අද අප අත්විඳිමින් සිටින දේශපාලන අස්ථාවරත්වය වාර්ගික ගුරුත්ව කේන්ද්‍රයේපාලනයට යටත්ව සිදුවන හූනියමක් බව තවමත් අපගේ නායකයන් ද, උගතුන් ද, ජන සමාජය ද වටහාගෙන ඇති බවක් පෙනෙන්නට නැත.

දෙවියන් වහන්සේ ගේ දිව්‍යමය සැලස්මට අනුව ශ‍්‍රී ලංකාවේ වාර්ගික ගරුත්ව කේන්ද්‍රය අකා මකා දැමීමටත්, මහා නායකයකු බිහිකර දීමටත් ඉඩ තිබුණේ නම්, ජ.වි.පෙ. ජාතික හෙළ උරුමය, සම`ගම එල්.ටී.ටී.ඊ ය  ද මොහොතකින් අතුරුදහන් වනු ඇත. ඉතුරු වනු ඇත්තේ දියුණු ලෝකයක් තැනීමට අවශ්‍ය මිනිසුන්ගේ අදහස් සහ මෙවලම් පමණි. එහෙත් අවාසනාවකට මෙන් දෙවියන්වහන්සේගේ දිව්‍යමය සැලැස්මට එවැන්නක් ඇතුලූ වී නැති බව පෙනේ. අපගේ ගැටලූව අප විසින්ම මනුෂ්‍ය ප‍්‍රඥ්ඥාවේ මහිමයෙන් ම විසඳාගත යුතුව තිබේ.

ජන සමාජය මත වාර්ගික සීමා නොතකා යෝධ සෙවණැල්ලක් හෙළිය හැකි මහා නායකයෙකු, මහා පක්‍ෂයක් රටට අවශ්‍ය වී ඇතත් රටට ලැබී ඇත්තේ උස් වූ වාර්ගික ඉවුරු හා සමාජයේ යෝධ සෙවණැල්ලට බිය වූ චූල නායකයන් සහ චූල පක්‍ෂය. මේ නායකයන් සමාජයේ සෙවණැල්ලට බිය වී තම හුස්ම සිරකරගන්නා බව සහතික ය. එබැවින් ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ පුරවැසියන් වන අප කවුරුත් සිටින්නේ හැම අතින්ම අවාසිදායක විකට්ටුවක ය. ශ‍්‍රී ලංකාවට මහා සමාජ ප‍්‍රතිසංස්කරණයක් හෙවත් පෙරෙස්ත්‍රොයිකාවක් අවශ්‍ය වී ඇත්තේ ඒ නිසා ය.
සමස්ත ජන සමාජයම වෙලී ඇත්තේ පහසුවෙන් සෝදා හැරිය හැකි බියකින් නම් නොවේ. මේ බිය වදුරු යක්‍ෂණිය යෝ ක්වේණිගේ කාලයේ සිට අපව වෙලාගෙන සිටින ව්‍යාධියක් දැයි හරියටම කියන්නට නොහැකි ය. එය සෙවීම මානව විද්‍යාඥයින්ගෙ කාර්යයකි. එහෙත් මේ නිධන්ගත ජාතික බිය නම් වූ ව්‍යාධිය අප ජාතියක් වශයෙන් අසරණ භාවයට හෙළා ඇත. එම ‘ජාතික භීතිකා රෝගය’ තුරන් කරනතෙක් අපට දියුණු ලෝකයේ පුරවැසිභාවය ලබාගත නො හැකි වනු ඇත. එතෙක් අපට දිගටම දරාගෙන සිටින්නට සිදුවනු ඇතේතේ රෝගාතුර වූ ආසියානුවාගේ තත්ත්ව ය.

ජනවාර්ගික ගැටළුව නම්, කිසි වැදගැම්මකට නැති ප‍්‍රාථමික කෝලාහලයක් ඇති කරගත්තේ සංඛ්‍යාවෙන් සුලූ ජනවර්ග කෙරෙහි අප තුළ ඇති බිය නිසා ය. ඔවුන්ද අපගෙන් වෙන් වන්නට මාන බලන්නේ අප සමග ඉඳීමෙන් ඔවුන්ට ද වගතුවක් නොවනු ඇතැයි යන බිය නිසාය. බලයට පත්වන්නට වෙරදරන සහ බලයේ සිටින පක්‍ෂය විසින් කිසි බියක් සැකක් නැතිව අප හිස මත පට්ටපල් බොරු වස්සන්නේ, මොන බොරුව කිව්වත් අප ඔවුන්ට ඇති බිය නිසා ඔවුන් අමනාප කරගන්නට බිය වීමු. අප ඇස් පනා පිටම අපගේම තව එකෙකු හිංසනයට ලක් කරද්දී අප අහක බලන්නේ  ඕවාට අත පොවා අපි කුමට නම් කරදර ඇති කර ගනිමු ද? යන බිය අප තුළ ඇති නිසා ය. බලය ඇති නායකයන් ද රටේ අනාගතය වෙනුවෙන් රැුඩිකල් විප්ලවීය තීරණ නොගන්නේ පෙරළා සමස්ත සමාජය කෙරෙහි ඔවුන් තුළ ඇති බිය නිසාය. එවැනි තීරණ ගතහොත්  තමන්ගේ බලය ගිලිහී තමන් දැන් අත්විඳින සැප සම්පත්, ගරු ගාම්භීරත්වය නැති වී යාවියැයි ද තමන් කළ පව් තමන් පසුපස රිය සක සේ පැමිණේවි යැයි ද යන බිය නිසා ය. මෙය භීතියේ දයලෙක්තිකය ලෙස හැඳින්වීමට මම කැමැත්තෙමි. වාර්ගික ගැටලූව තුරන් කිරීමට සාධනීය පියවරක් ගැන්මට සියලූ දෙනා බිය වී ඇත්තේ මේ නිසා ය. මෑත කාලයේ ෆෙඩරල්  යන වචනයට පවා එජාපයේ සිට ජාතික හෙළ උරුමය දක්වා සියලූ ධාරාවන් බිය වූයේ ඒ නිසා ය. දැන් එය දේශපාලඥයෙකුගේ එඩිතර භාවය මනින මිම්මක් බවට පත් වී තිබේ. මෙම ‘‘ජාතික භීතිකා රෝගය’’ තුරන් කිරීමට නම් මහා රාජ්‍ය ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරයක් ඇති කළ යුතු වේ. එය සිංහල ජාතිය ගොඩ නැගීමටම කල්පනා කරන ජාතිවාදියෙකු වූවද අවංකව තේරුම් ගත යුතු යතාර්ථයකි.

 ප‍්‍රගීත් එක්නැලිගොඩ

ඔහු අතුරුදන් කොට අදට වසර හයකි

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *