වැටුප් වැඩිකිරීමට එකග වූ පදනම මෙන්න – සමන් රත්නප‍්‍රිය

ආණ්ඩුවට තවත් කල්දෙන්න කිසිම සූදානමක් නෑ. පෙරවාරි මාසෙදී මූලික වැටුප් වැඩිවීම සහ වැටුප් වර්ධකය වැඩිවීම දැනට තිබෙන අනුපාතයන් එලෙසම තියාගෙන වැඩි කළ යුතුයි. එහෙම නොවුනොත්, වෘත්තීය සමිති ඒකාබද්ධව යම් යම් තීරණ ගන්න සිද්ධ වෙනව කියන අනතුරු ඇ`ගවීම අපි  ආණ්ඩුවට කරනවා. එක`ග වෙච්ච දේ ක‍්‍රියාත්මක කරන්න. වෙනස් දෙයක් ඉල්ලන්නෙ නෑ.

වර්තමාන ආණ්ඩුව අයවැයක් ඉදිරිපත් කෙරුව. ඒ අයවැය ඇතුලෙ රජයේ සේවකයන්ට, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයන්ට, පොදුවේ කියනවා නම් වැඩකරන පංතියට සහ පොදු ජනතාවට අහිතකර යෝජනා ගණනාවක් තිබුණා. ඒ වගේම සාධනීය යෝජනා ගණනාවකුත් තිබුණා. අහිතකර යෝජනා වෙනස් කරන්න කියන ඉල්ලීම අපේ පැත්තෙන් අපි මතු කෙරුව. ඒ අවස්ථාවේ ආණ්ඩුවෙන් යහපත් ප‍්‍රතිචාරයක් ඒ සම්බන්ධව තිබුණෙ නෑ. අපි කරුණු 12 ක් ආණ්ඩුවට ඉදරිපත් කෙරුව. මුදල් ඇමතිවරයට, අගමැතිවරයට, ජනාධිපතිවරයට ඉදිරිපත් කෙරුව. අගමැතිවරයා සමග පළවෙනි සාකච්ඡුාව තිබුණා එහිදී අපිට සාධනීය උත්තරයක් ලැබුණෙ නැහැ. එක නිසා අපි දෙසැම්බර් 15 වෙනිදා වැඩවර්ජනයක් ප‍්‍රකාශයට පත්කෙරුව. මුදල් ඇමතිවරයා අපිට සාකච්ඡුාවක් දුන්න දවසේ අපිට සහභාගිවෙන්න නොහැකිවුණා. ඊට පස්සේ අපිට සාකච්ඡුාවක් දුන්නෙ නැහැ. වැඩවර්ජනය ප‍්‍රකාශයට පත් කෙරුවට පස්සෙ නැවත අපි මුණගැහිලා නිල සාකච්ඡුාවක් කෙරුව. ඒ සාකච්ඡුාවෙදි අපි ඉදිරිපත් කරපු කරුණු 12 න් කරුණු 11 කටම සාධනීය විසඳුමක් ලැබුණ.

විශ‍්‍රාම වැටුප පිළිබඳව අපිට පිළිගත් හැකි විසඳුමක් ලබාගන්නට නොහැකි වුණා. අගමැතිවරයා මාසික විශ‍්‍රාම වැටුපක් දෙන එක තහවුරු කෙරුවා. ආණ්ඩුව පැත්තෙන් දායක විශ‍්‍රාම වැටුප් යෝජනාවක් ආවා. ඒක ආණ්ඩුව අකුල ගත්තෙ නෑ. ඒක නිසා අපි අපේක්‍ෂා කරපු තැනට යන්න බැරිවුණා. ඒ පිළිබඳව ආණ්ඩුව කමිටුවක් පත්කරන්න යෝජනා කෙරුව. දැන් එහෙම කමිටුවක් පත්වෙලා තියෙනව. ඒ කමිටුවෙදි අපි ඒ සම්බන්ධව කතාකරන්න අදහස් කරනව. ඒ කමිටුවට අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ අතිරේ ලේකම්වරියක් ප‍්‍රධාන නියෝජනයක් කරනව. ඇය කමිටුවෙ සභාපතිවරිය. මුදල් අමාත්‍යාංශයේ නියෝජිත වරියක් ඉන්නව. රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයෙ නියෝජිතයෙක් ඉන්නවා. විශ‍්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නියෝජිතයෙක් ඉන්නව. ජනාධිපති ලේකම් කාර්යාලයේ නියෝජිතයෙක් ඉන්නව. අපි පහුගිය සතියෙ ඒ අය මුණගැහුණා. අපි අපේ පැත්තෙන් යෝජනා ඉදිරිපත් කෙරුව. එ පැත්තෙන් කෙටුම්පතක් ඉදිරිපත් වුනේ නැහැ.
අපි අපේ පැත්තෙන් දැනට පවතින විශ‍්‍රාම වැටුප ස්ථාවර කරගැනීම සඳහා. යෝජනා මාලාවක් ඉදිරිපත් කෙරුව. ඒ පැත්තෙන් කෙටුම්පතක් ඉදිරිපත් වුනේ නැහැ. අපිට එන්න කිව්වෙ අපේ දහස් කියන්න. අපි අපේ අදහස් කිව්ව. මේ අපි දෙපාර්ශ්වයේ පළමුවන සාකච්ඡුාව. එය පැය දෙකකින් පමණ අවසන් වුණා. අපි ඒ පැත්තට කිව්ව, ඒ ගොල්ලන්ගෙ යෝජනාව හරියට හදල අපිට දෙන්න කියල. අපි ඒ කෙටුම්පත බලල අපේ අදහස් කියන්න ඉදිරිපත් වෙනව. ඒ සාකච්ඡුාව තිබුණෙ සඳුදා (18* පවතින විශ‍්‍රාම වැටුප වෙනස් කර ගැනීමේ කිසිදු හැකියාවක් අපිට නැහැ. ඒ නිසා අපි ඒ ස්ථාවරයේ සිට දිගටම කටයුතු කරන්න බලාපොරොත්තු වනව. අපේ  බලපෑම් හරහා, ප‍්‍රකාශ කරපු වෘතීය සමිති ක‍්‍රියාමාර්ගය හරහා  රජයේ සේවකයන්ට විතරක් නෙමේ, පෞද්ගලික හෝ අර්ධරාජ්‍ය අංශයේ ්සේවකයන්ට, ඒ විතරක් නෙමේ. මේ රටේ ජනතාවටත් විශාල ප‍්‍රතිලාභ ප‍්‍රමාණයක් ලැබුණ.

ඒකාබද්ධ විපක්‍ෂයේ අය, වෛද්‍ය සංගමය වගේ කණ්ඩායම් ඒක ලඝු කරන්න හදනව. රාජ්‍ය බැංකුවලට, වාහන හිමියන්ට අහිමි වෙච්ච පහසුකම් රැුසක් අපට ආපසු ලබල දෙන්න හැකිවුණා. රාජ්‍ය බැංකුවලට උගස් සේවාව පවත්වාගෙන යාමේ අයිතිය නැවත ලැබුණ. ලීසින් පහසුකම් ලබාදීමේ අයිතිය නැවත ලැබුණ, දුම් සහතිකය රු.5000/- ට තිබුණ එක රු.1500/- දක්වා අඩු කෙරුව. තක්සේරු ගාස්තුව රු.25000/- ක් තිබුණ එක රු.5000/- ක් දක්වා අඩු කෙරුව. ත‍්‍රීවීල් සහ මෝටර් බයිසිකල් සඳහා රු.3000/- ක් දක්වා අඩු කෙරුව. එවැනි සැලකියයුතු සහන ප‍්‍රමාණයක් අපිට දිනා දෙන්න හැකි වුණා. වැටුප් පිළිබඳ ප‍්‍රශ්නයේදී අගමැතිවරයා අපි එක`ග වුනේ රු.2500/- කින් මූලික වැටුප වැඩි කරන්න. දැනට ලැබෙන්නෙ රු.10000/- දීමනාවක්. ඒ 10000/- ට, රු.2500/- ක් වැඩි කරන්න එක`ගතාවයකට ආවා. ඒක හැන්සාඞ් ගතකරල තියෙනව. ඒකෙ ප‍්‍රකාශය අපට එවල තියෙනව අගමැති ලේකම්වරයාගේ අත්සනින් එය ක‍්‍රියාත්මක කරන බවට. ඒ අනුව 2016 ජනවාරි සිට රජයේ සේවකයන්ගේ මූලික වැටුප රු.2500/-කින් වැඩිවිය යුතුයි.

මේ වෙනවිට ජනවාරි මාසයේ වැටුප් සකස් කර අවසන්. නමුත් රු.2500/- වැඩිවීම එයට එකතුවෙලා නෑ. ඒක එකතු නොවෙන්න හේතු ගණනාවක් ආණ්ඩුව ඉදිරිපත් කරනව. වැටුප් තල නිර්මාණය කිරීම අවශ්‍යයි, වැටුප් වර්ධක නිර්මාණය කිරීම අවශ්‍යයි, වැටුප් කොමිසමට ඒ සඳහා යම් කාලයක්  ඕනැ. වගේ කාරනා කියනව. ආණ්ඩුවේ සහ මුදල් අමාත්‍යංශයේ ප‍්‍රමාදයක් තියෙනව. රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ හා වැටුප් කොමිසමෙත් ප‍්‍රමාදයක් තියෙනව. වැටුප් කොමිසමට හෝ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට චක‍්‍රලේඛයක් නිකුත් කළ හැක්කේ භාණ්ඩාගාරයේ එහෙමත් නැත්නම් මුදල් ආමාත්‍යාංශයේ ලේකම්වරයා නිර්දේශ ලබාදුන්නොත් පමණයි. (ගෙවීමට මුදල් ලෑස්තියි. මේ නිර්දේශමත මුදල් ගෙවන්න කටයුතු කරන්න කියල ලිඛිත නිර්දේශයක් දියයුතුයි.* ඒ ලිඛිත නිර්දේශය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට දුන්නොත් , ඒ පිළිබඳ ගණනය කිරීම් සංකීර්ණ නැත්නම්, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට පුළුවන් චක‍්‍රලේඛයක් නිකුත් කරන්න. මෙතන සංකීර්ණ ගණනය කිරීමක් තියනව. ඒ නිසා ඒ නිර්දේශය වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවට යන්න වෙන්නව. වැටප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාව කම්කරුවාගේ සිට ස්ථිර ලේකම් දක්වා වැටුප් වැඩිවෙන්නේ කෙසේද කියා චක‍්‍රලේඛයක් සකස් කළ යුතුයි. ආසන්න වශයෙන් වැටුප් කාණ්ඩ 37 ක් පමණ තියනව. ඒ 37 ම නිර්මාණය කළයුතු වෙනව. වැටුප් සහ සේවක සංඛ්‍යා කොමිෂන් සභාව ඒක සකස් කෙරුවට පස්සෙ එහි ලේකම් විසින් චක‍්‍රලේඛය නිකුත් කළ යුතු වෙනව. ඒ ගැන හරි ස්ථාවරයක් තිබුණෙ නැ. කීයක් දෙනවද, කොහොමද දෙන්නෙ, අනුපාතය කොහොමද වගේ ප‍්‍රශ්න වගේ විවිධ ප‍්‍රශ්න තිබුණ. රජයේ වෛද්‍ය නිලධාරින්ගේ පැත්තෙන් විවිධ ප‍්‍රශ්න තිබුණ. අනුපාතය කොහොමද? 1 ට 4 මදි, 1 ට 6 ක්  ඕනැ. ඊයෙ පෙරේදා මාධ්‍ය නිවේදනයක් නිකුත්කරල තිබුණ 1 ට 12 ක්  ඕනැ කියල. ඒ වගේ විවිධ ගැටුම් මතුකෙරුව. පළමු අවස්ථාවේ කිව්ව මේ රු.2500/- දෙනවට විරුද්ධයි කියල. ජීවත් වෙන්න අමාරු පොඩි මිනිස්සුන්ට දෙන වැටුප් වැඩිවීමට ඇයි විරුද්ධ වෙන්නෙ කියන කරුණ අපේ පැත්තෙන් මෙන්ම, රජයේ සේවකයන්ගෙ පැත්තෙනුත් මතුවුනා.

අද අපිට නැවත හැකියාවක් ලැබිල තියෙනව අපිට පොරොන්දු වූ ඉල්ලීම ජයග‍්‍රහණය කරා යන්න යම් තැනකට එන්න. අපි පසුගිය සතියෙ අගමැතිවරයා මුණ ගැහුණ. අගමැතිවරයගෙ නිර්දේශ මත මුදල් ආමාත්‍යවරයා මුණ ගැහුණ. ඒ මුණගැහීමේ අවසාන ප‍්‍රතිඵලයක් ලෙස වැටුප් වැඩිකිරීමට අදාල නිර්දේශය මේ සතියෙ වැටුප් කොමිසමට හා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට යවන්න තීරණයක් අරගෙන තිියෙනව. වැටුප් වැඩිකිරීමට අදාළ සාකච්ඡුාවෙදි අපි මූලික කරුණු කීපයක් ඉදිරිපත් කෙරුව. ඒ කිහිපයනම් :-

* අවම රු.2500/- කින් මූලික වැටුප වැඩි කළ යුතුමයි.

* රජයේ සේවකයන්ගේ මූලික වැටුප් වැඩිවෙන කොට වැටුප් වර්ධකය         වැඩි කළ යුතුයි.

* දැනට තියන අනුපාතය වැඩි නොකර ස්ථිරව පවත්වා ගත යුතුයි.

දැනට තියෙන්නේ 1 ට 4.05 ක අනුපාතයක්. කම්කරුවා 1 ක් නම් ස්ථිර ලේකම් 4.05 යි. කම්කරුවාට 11.730 ක් දෙනකොට ස්ථිර ලේකම්ට ආසන්න වශයෙන් රු.48.000/- ක වැටුපක් හිමිවෙනව. අපි කිව්වෙ දශමයකින්වත් පවතින අනුපාතය වෙනස් නොකළ යුතුයි කියලයි. මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආණ්ඩුවෙ අවසාන අයවැයෙන් යෝජනා කරල තිබුණ 4.25 ට මේ අනුපාතය වැඩි කරන්න කියල. අපි එදාම ඒකට විරුද්ධත්වය ප‍්‍රකාශකෙරුව. අදත් දශමයකින්වත් ඒක වැඩිකරනවට අපි එක`ග නැහැ.   අනුපාතය වැඩි කරනව කියන්නේ පහළ කණ්ඩායම ප‍්‍රපාතයකට යනවා. ඉහළ කණ්ඩායම්වලට වැටුප් වැඩියෙන් වැඩි කරනව කියන එකයි. දැනට පවතින අනුපාතය ආරක්‍ෂා කරගෙන වැටුප් වැඩි කළයුතුයි කියන ස්ථාවරයයෙ අපි ඉන්නව. එය ආණ්ඩුවත්, මුදල් ඇමතිවරයත් පිළිගත්ත.

* රු.10000/- දීමනාව විතරක් නෙමෙයි, තව 20% ක දීමනාවක් රජයේ සේවකයන්ට තියෙනව. 5%, 5%, 10% වශයෙන් දීමනා එකතු වුණාම 20% ක දීමනා තියෙනව. ඒ 20% දීමනාවත් මූලික වැටුපට එකතු කරන්න තීරණයක් මේ මොහොතෙ ගත යුතුයි  කියල අපි කිව්ව, එය ඉල්ලා තැබීමක් නොවිය යුතුයි කියල. මුදල් ඇමතිවරයා ඒ සම්බන්ධව තීරණයක් ගත්තා 20% දීමනාව ඉදිරියට ස්ථිර වශයෙන්ම මූලික වැටුපට එකතු කරනව කියල. දල වශයෙන් කිව්වොත් රු.10000/- ක දීමනවක් තියෙනව. 20% එකතු කරපුවහම දල වශයෙන් රු.12.500/- ක් වෙනව. ඒ 12.500/- එකතු කරනව කියල තීරණය කෙරුව. එය ඉදිරියේදී එකතු කරන්න නියමිතයි. ඒකෙ ආරම්භක පියවරක් වශයෙන් තමයි රු.2500/- කින් වැටුප් වැඩි වෙන්නෙ. (හරියටම නම් මේ ගණන රු.2502/ ක්.* මෙහි උපරිමය රු.10135/- කින් වැටුප් වැඩි විය යුතුයි ස්ථිර ලේකම් වරයෙකුට. අපි කරපු අරගලයේ ප‍්‍රතිඵලයක් වශයෙන් හැම රජයේ සේවකයෙකුටම වැටුප් වැඩිවීමක් ලබා දීම ජයග‍්‍රහණය කරා යාමට පියවර තබන්න අපට හැකියාව ලැබී තියෙනව. මේ සතිය අවසානයේ හෝ ලබන සතියේ මෙය ඉෂ්ඨ කළයුතුයි කියලයි අපි කියන්නෙ.

දල වශයෙන් කම්කරු තනතුරකට රු.2502/-ක් ලැබෙනකොට, හෙද සේවාවට රු.3334/-ක් වගේ මුදලක්, දුම්රිය ස්ථානාධිපති තනතුරකට රු.3205/- ක් වගේ මුදලක්, කළමණාකාර සහකාරවරයෙකුට රු.2988/-ක් වගේ මුදලක්, වෛද්‍ය සේවාවට රු.5443/-ක් වගේ මුදලක් ලැබෙන්නට  ඕනැ. මේක තමයි ආරම්භය රු.12500/- එකතු කරනකොට තව පියවර කීපයක් යයි. ආණ්ඩුව තමයි ඒක තීරණය කළ යුත්තෙ. අපි කියන්නේ කඩිනමින් කරන්න කියලයි. එකතු කිරීමේ තීරණය ආණ්ඩුව ගත යුතුයි.

කම්කරු වැටුප් ආරම්භක වර්ධකය රු.120/- යි. ඒ රු.120 මේ 2502/- ට ගැලපෙන්න වැඩි කළ යුතුයි. ඉතිහාසයේ හැමදාම කරපු වැරැුද්දක් තමයි වැටුප වැඩිකරන විට වැටුප් වර්ධකය ඒ ප‍්‍රමාණයට වැඩි කෙරුවෙ නෑ. ඒකයි මේ 120/- තියෙන්නෙ. මහින්ද රාජපක්‍ෂ මහත්තයගෙ කාලෙ 2006 දී මේක ගෙනාවෙ රු.100/- ට. ස්ථිර ලේකම්ගෙ වැටුප් වර්ධකය රු.1425/- ට. 100 ට සාපේක්‍ෂව 1425 ක් කියනනේ 1 ට 14.21% යි. ඒ වෙලාවේ වැටුප් අනුපාතය තිබ්බෙ 1 ට 4යි. 1 ට 4ට වැටුප් අනුපාතය තියල, වර්ධක අනුපාතය තිබ්බ 1 ට 14 ට. ඒක විරදියි. මේ දෙක සමාන විය යුතුයි. මේක එක්වරම කරන්න බැනි නිසා අපි අරගල කරල මේක එක් අවස්ථාවකදී 1 ට 11.75 කට අඩු කෙරුව, 2008 වර්ෂයේ තරම. දැන් මේක 11.84 ට තාම තියනව. මේක අඩු කළ යුතුයි. නැත්නම් මෙය වැරදියි. අපි කියන්නෙ එතෙන්ඩ ගේන්න පළවෙනි පියවර විදිහට 2502 වැටුප් වැඩිවීමට සාපේක්‍ෂව ආරම්භක වැටුප් වර්ධකය 120 අනිවාර්යෙන්ම  වැඩිකරන්න. ඒක වැඩි නොකෙරුවොත් අපි ඒක පිළිගන්නෙ නෑ. ඒ සම්බන්ධව වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ග පෙළගස්වන්නත් අපි බලාපොරොත්තු වෙනව. සාධාරණය හරියට ඉෂ්ට වෙන්න අවශ්‍ය නිසා.
මේ වැටුප් වැඩිවීම අපේ යෝජනා අනුව හරියට දුන්නොත්, අපේ යෝජනා අනුව රු. 11700/- ට තියෙන වැටුප රු. 24240/- ක මූලික වැටුපකට යන්න  ඕනැ. ස්ථිර ලේකම්ගෙ වැටුප රු. 98.198/- කට යායුතුයි. මේ කියන්නේ මූලික වැටුපයි. මේක පියවර කීපයකින් වෙන්නට  ඕනැ. පළවන පියවරේ දී අවම 2502/- යි, උපරිමය 10135/- යි එකතු වෙන්නට  ඕනැ. ඒක ජනවාරි මාසයේ සිට ක‍්‍රියාත්මක විය යුතුයි.

අපි ආණ්ඩුවට කියනව, ජනවාරි මාසෙ වැටුප් හදල අවසන්. ජනවාරි මාසෙට වැටුප් වැඩිකිරීමේ හැකියාවක් නෑ. දීමනාවක් නම් එකතු කරන්න පුළුවන්. දැන් වැටුප් හදලා බැංකුවලට යවල තියෙන්නෙ. පෙබරවාරී මාසෙ වැටපට මේ වැඩිවීම අනිවාර්යෙන්ම ලබා දිය යුතුයි. එය ක‍්‍රියාත්මක විය යුත්තේ 2016 ජනවාරි මාසේ 1 වෙනිදා සිටයි. එසේ නොකර වෙනස් කමක් කෙරුවොත් අනිවාර්යෙන්ම ඒකට විරුද්ධව බරපතල විරෝධය පළ කරනව සහ වෘත්තිය සමිති ක‍්‍රියාමාර්ග ගන්නවාමයි. තවත් කල්දෙන්න කිසිම සූදානමක් නෑ. පෙරවාරි මාසෙදී මූලික වැටුප් වැඩිවීම සහ වැටුප් වර්ධකය වැඩිවීම මේ අනුපාතයන් ඒ ලෙසම තියාගෙන වැඩිකළ යුතුයි. එහෙම නොවුනොත්, වෘත්තීය සමිති ඒකාබද්ධව යම් යම් තීරණ ගන්න සිද්ධ වෙනව කියන එක අනතුරු ඇ`ගවීමක් අපි ආණ්ඩුවට කරන්නෙ. එක`ග වෙච්ච දේ ක‍්‍රියාත්මක කරන්න. වෙනස් දෙයක් ඉල්ලන්නෙ නෑ.  රට අමාරුවෙ දාන වැඩ වර්ජනවලට එකපාරට නොයායුතුයි කියන අදහසත් තියන නිසා.

මනෝජ් රූපසිංහ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *