සුහද ගම්ලත්ට නීතිපති පදවිය නොලැබේ.

නීතිපති දෙපාර්තමේන්තුව ජනාධිපති මහින්ද රාජපක්ෂගේ යටතේ පැවතිය දී නීතිපති ධූරය දැරු යුවංජන ජයතිලක පසුගිය දා විශ්‍රාම යෑමෙන් අනතුරුව දෙවැනියාව සිටි ජනාධිපති නීතිඥ සුහද ගම්ලත් නීතිපතිවරයා ලෙස වැඩ බැලීමට පත්කර ඇති නමුත් නීතිපතිවරයා ලෙස ඔහුව පත් නොකරනු ඇතැයි යුක්තියට වාර්තා වේ. රාජපක්ෂගේ අනුග්‍රහය ඇතිව නීතිපති දෙපාර්තමේන්තුවට සම්බන්ධ වී ඇති ගම්ලත් සෘජු තීන්දු ගැනීමෙන් වැළකී සිටින නිළධාරියෙකු බව බොහෝ දෙනාගේ පිළිගැනීම ය.
රාජපක්ෂට එරෙහිව ඇති බරපතල චෝදනා සම්බන්ධයෙන් කටයුතු කිරීමට සෘජු සහ අපක්ෂපාතිව කටයුතු කරන නීතිපතිවරයෙකු සිටිය යුතුබව ආණ්ඩුවේ මතය වී ඇති බව දැනගන්නට තිබේ. මේ අතර නීතිපති දෙපාර්තමේන්තුවෙන් පිට අයෙකු නීතිපති ලෙස පත් නොකළ යුතු බව සිවිල් සංවිධාන කිහිපයක් කථා නායකවරයාට දැණුම් දී තිබෙන අතර සුහද ගම්ලත් කෙරෙහි එම සංවිධාන වල ද ප්‍රසාදයක් නැතිබව ද
වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *