“සමාජ දුරස්ථකරණය” වැරදියි – ලෝක සෞඛ්‍ය සංවිධානය

කොවිඩ් 19 වසංගතයට මුහුණ දීම සඳහා යොදාගන්නා “සමාජ දුරස්ථකරණය” යන්න වැරදි අදහසක් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නව රෝග අංශ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය ආචාර්ය මරියා වැන් කිර්ක්හොවේ මහත්මිය ප්‍රකාශ කරයි.

මෙම රෝගයට මුහුණ දීමේ දී සමාජ සම්බන්ධතා පවත්වාගෙන යාම ඉතා වැදගත් බව කියන ඒ මහත්මිය අවශ්‍ය වන්නේ සමාජ සබඳතාවලට ඉඩ සලසමින් ” භෞතික දුරස්ථභාවය” පවත්වාගෙන යාම බව කියයි. 

එබැවින් සමාජ මාධ්‍ය හා එවැනි ක්‍රම යොදාගෙන සමාජ සබන්ධතා පවත්වාගෙන යාම ඉතා වැදගත් බව කියන ඇය එවැනි දෙයට හුරු නැති වැඩිහිටියන්ට ඒවා උගන්වා සමාජ සබදතා පවත්වාගෙන යාමට උදවු කරන ලෙස ද ඉල්ලා සිටියි.

අන්තර්ජාලය ඔස්සේ පැවති සම්මුක සාකච්ඡාවකට එක්වෙමින් කිර්ක්හොවේ මහත්මිය මෙම අදහස් ප්‍රකාශ කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *