පෞද්ගලික රෝහල් රජයට සම්බන්ධ කරගන්න – එජාප නායක රනිල්

කොවිඩ් 19 වසංගතයට මුහුණ දීම සදහා රාජ්‍ය සෞඛ්‍ය සේවයට පෞද්ගලික රෝහල් ද සම්බන්ධ කරගන්නා ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා රජයෙන් ඉල්ලීමක් කොට ඇත. එලෙස රාජ්‍ය පෞද්ගලික ඒකාබද්ධ යාන්ත්‍රණයක් ගොඩනගා එය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා යටතේ ක්‍රියාත්මක කරනා ලෙස ද ඒ මහතා ඉල්ලා ඇත.

කොරෝනා පරීක්ෂණ කිරීමේ පෞද්ගලික අංශයේ පහසුකම් වර්ධනය කිරීමට දිරිගන්වා එම පරීක්ෂණ වියදම් රජයෙන් ගෙවීමට හැකි බව ද එජාප නායකයා පෙන්වා දෙයි.

කොවිඩ් 19 වසංගතයට මුහුණ දීම සදහා යෝජනා මාලාවක් රජයට ඉදිරිපත් කරමින් වික්‍රමසිංහ මහතා මෙම ඉල්ලීම් සිදුකොට තිබේ.

වසංගතයට මුහුණ දීම සදහා අවශ්‍ය මුඛ ආවරණ හා වෙන්ටිලේටර් යන්ත්‍ර ලබාගැනීමට හා /හෝ දේශීය වශයෙන් නිපදවීමට කටයුතු කළ යුතු බව ද එජාප නායකයා පෙන්වා දී ඇත.

කොවිඩ් 19 වසංගතයට මුහුණ දීම සදහා රජය ගෙනයන ක්‍රියාමාර්ගවලට කොන්දේසි විරහිතව සහය දෙන බව ද එජාප නායකයා ප්‍රකාශ කොට ඇත.

https://www.facebook.com/UNPofficialpage/videos/579623729302921/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *