නව පක්ෂයේ ප්‍රථම ප්‍රාදේශීය කාර්යාලය වාරියපොළ විවෘත වෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්වී මහින්ද රාජපක්ෂ මහතා ගොඩනගන පක්ෂය සංවිධානය කිරීමේ ප්‍රථම ප්‍රාදේශීය කාර්යාලය පළාත් සභා මන්ත්‍රී දී බී හේරත් මහතාගේ වාරියපොළ නිවසේ ආරම්භ කිරීමට පසුගියදා එහි පවතී රැස්වීමකදී තීරණය කොට ඇත . හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් පවතී මෙම රැස්වීමට ,බැසිල් රාජපක්ෂ මහතාද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු , සාලින්ද දිසානායක , සනත් නිශාන්ත පෙරේරා යන මහත්වරුද සහභාගී වී සිටියහ .

මහින්ද රාජපක්ෂ මහතා නියෝජනය කරන කුරුණෑගල වාරියපොළ ප්‍රදේශයෙන්ම නව පක්ෂයේ කටයුතු ආරම්භ කිරීමට එහිදී තීරණය වී ඇත . ප්‍රාදේශීය දේශපාලනඥයන් කොළඹ නායකත්වය සමග සම්බන්ධීකරනය මෙම කාර්යාලය මගින් සිදුකිරීමටද ඉහිදී තීරණය වූ බව වාර්තා වෙයි .

මේ සියල්ල ක්‍රියාත්මක කොට ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා ලබාදුන් උපදෙස් අනුවය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *