විදුලි දුම්රිය ව්‍යාපෘතියට බලධාරීන්ගෙන් පොල්ලක් !

ශ්‍රී ලංකාවේ දුම්රිය සේවය විදුලිමය කිරීම සදහා  ආසියානු සංවර්ධන බැංකුවේ ඩොලර් මිලියන තුන්සියයක ආධාර  යටතේ ක්‍රියාත්මක වන පළමු අදියරේ සක්‍යතා අධ්‍යයනය සදහා උපදේශකයින් තොරා  ගැනීමේ වැඩකටයුතු ආසියානු සංවර්ධන බැංකුව විසින්  මේ වනවිටත් ක්‍රියාත්මක කොට ඇතත් , ප්‍රවාහන අමාත්‍යංශය එයට සහය නොදී මගහරිමින් සිටින බව තුතුදත් ආරංචි මාර්ග කියයි .මේ වනවිට මෙම ව්‍යාපෘතිය සදහා ව්‍යාපෘති අධ්‍යක්ෂවරයකු පත්කොට ව්‍යාපෘති කාර්යාලයක් ක්‍රියාත්මක කොට තිබිය යුතු අතර මේ වනතෙක් ප්‍රවාහන අමාත්‍යංශය හා දුම්රිය දෙපාර්තමේන්තුව ඒ සදහා ක්‍රියාත්මක වී නැත .

එසේ වූවද ආසියානු සංවර්ධන බැංකුව මෙම ව්‍යාපෘතියට උපදේශක සේවා ලබාගැනීමට කදවු ජාත්‍යන්තර ටෙන්ඩරයට අනුව ඒ සදහා උපදේශක ආයතන 15ක ට වැඩි ප්‍රමාණයකින් ඉල්ලුම් පත් ලැබී ඇත . උපදේශකයින් තෝරාගැනීම මේ වනවිට සිදුවෙමින් පවතියි .

දුම්රිය සේවය විදුලිමය කිරීමේ වැඩ පිළිවෙල යටතේ පළමු අධියර ලෙස පානදුර සිට වේයන්ගොඩ දක්වා කොටස තෝරාගෙන ඇති අතර ඒ සදහා ඩොලර් මිලියන 300ක් ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව ඉදිරිපත් වී ඇත . දකුණු කළුතර සිට පොල්ගහවෙලටත් ,මීගමුවට සහ අවිස්සාවේල්ල දක්වාත් වදුලි දුම්රිය ධාවනය දෙවන අධියරේදී සිදුකිරීමට නියමිතය .

පසුගිය වසරේදී කැබිනට් අනුමැතිය ලැබූ ව්‍යාපෘතිය සැලසුම් කළේ ශ්‍රී ලංකා ඉන්ගිනේරු ආයතනය 2008 දී කළ අධ්‍යයනයක ප්‍රතිපලයක් වශයෙනි . එම ආයතනය මෙම ව්‍යාපෘතිය ගැන විශේෂ උනන්දුවක් දක්වන අතර ඒ පිලිබදව කටයුතු කිරීමට ජෙෂ්ට සාමාජිකයින්ගේ කමිටුවක් ද පත්කොට ඇත . ඔවුන් කියන්නේ කොළඹ මාර්ග තදබදය අවම කිරීමට මෙම ව්‍යාපෘතිය අත්‍යවශ්‍ය බවයි . එමෙන්ම රට සංවර්ධනයේදී දුරිය විදුලියෙන් ධාවනය කිරීම අත්‍යවශ්‍ය බවද ඔවුහු පෙන්වා දෙති .

දැනට පැයට කිලෝමීටර් 30ක් වන දුම්රිය ධාවන වේගය කිලෝමීටර් 100 දක්වා වැඩිකිරීමට මෙමගින් හැකියාව ඇත . එමෙන්ම මගී පවහනයට අඩුම වියදම් ක්‍රමය වන්නේද විදුලි දුම්රිය බව තහවුරු වී ඇත.

බලධාරීන් මෙම ව්‍යාපෘතියට සහය නොදක්වන්නේ ආසියානු සංවර්ධන බැංකුව සමග වැඩ කරන විට අතයට ගනුදෙනු සදහා ඉඩ නොලැබෙන නිසා බවටද ආරංචි පැතිර යමින් පවතියි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *