නිරෝධායනය වූ තවත් 201 ක් මුදාහරී, හැංගුණු අය සොයා තවදුරටත් මෙහෙයුම්

විදෙස් රටවල සිට නැවත පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල රැඳී සිටි තවත් පුද්ගලයන් 201 ක් මුදාහැර තිබෙනවා. මෙසේ මුදාහැර තිබෙන්නේ පූනානි සහ කන්දකාඩු යන නිරෝධායන මධ්‍යස්ථානවල රඳවා සිටි පිරිසකි.

කන්දකාඩු මධ්‍යස්ථානයේ සිටි 144 දෙ‍නෙකු මුදාහැර තිබෙන අතර සෙසු පිරිස පූනානි නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයන් වේ.

මේ අතර විදෙස් රටවල සිට පැමිණීමෙන් අනතුරුව නිරෝධායනය මගහැර සාමාන්‍ය සමාජයට පැමිණි පුද්ගලයන් සොයා සිදු කරන මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බවයි පොලීසිය පවසන්නේ. එසේ පැමිණි ඇතැම් පුද්ගලයන්ගේ ඡායාරූප පවා ප්‍රසිද්ධියට පත් කරමින් ඔවුන් සොයා ගැනීම සඳහා පොලීසිය ජනතාවගේ සහාය ඉල්ලා තිබේ.

LANKANEWSWEB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *