|

ආණ්ඩුවට බඩු හිග නැත; අපට ගන්න බඩු නැත

රටේ බඩු හිගයක් නැති බව හා කලබල නොවී පෝලිමේ ගොස් බඩු ගන්නා  ලෙස ආණ්ඩුව පුන පුනා කීව ද , පෝලිමේ සිට වෙළඳ සල් තුලට ගිය බොහෝ දෙනාට දැක ගන්නට ලැබුනේ අත්‍යවශ්‍ය අහාර අවසන්ව ඇති බව යි.

පැය දෙකක් පෝලිමේ සිට පෙ ව 11.30 ට තලපත්පිටිය කාගිල්ස් සුපිරි වෙළඳ සැලට ඇතුළු වන විට එහි බක්කි හිස් වී තිබු අයුරු ඡායරුපවල දැක්වෙයි.

විශේෂයෙන්ම එළවලු , පොල් සහ පොල්තෙල් සොයාගැනීමට නොතිබිණි . කරවල ,හාල්මැස්සන්, කඩල , මුන් ඇට ආදිය ද නැත . කිලෝව රුපියල් 390ක් වන සුවදැල් ඇතුළු සහල් වර්ග කිහිපයක් තිබිණි .

පාරිභෝගිකයන්ට සිදු වුණේ අවශ්‍ය භාණ්ඩ අමතක කර වෙළඳ සැලේ තිබෙන දෙයක් රැගෙන ඇඳිරි නීතියට පෙර නිවෙස්වලට යාමට ය.

මේ ජාතික විපතේ දී ජනතාව සියලු පහසුකම් ඉල්ලා නොසිටිනු ඇත. එසේ වුව ද ‘ බඩු හිගයක් නෑ – කලබල වෙන්න එපා” කියමින් නොසිට මහජනයාට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාදීමට විධිමත් වැඩ පිළිවෙලක් සැකසීම අත්‍යවශ්‍ය වෙයි.  

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *