කොවිඩ් 19යෙන් සුවය ලබන්න හිතුමතේ ක්ලෝරෝක්වීන් ගත් රෝගියෙක් මරුට

කොවිඩ් 19 රෝගය සඳහා භාවිත කළ හැකි ඖෂධයක් ලෙස හඳුනාගෙන ඇති ක්ලෝරෝක්වීන් භාවිත කළ රෝගියකු මියගොස් ඇති බව ඇමෙරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයෙන් වාර්තා වෙයි.

සී එන් එන් පුවත් සේවය වාර්තා කරන අන්දමට මෙම රෝගියා ක්ලෝරෝක්වීන් ඖෂධය භාවිතා කර ඇත්තේ වෛද්‍ය උපදෙස් වලින් තොරව ය.

ඔහු සමඟ ක්ලෝරෝක්වීන් භාවිතා කළ ඔහුගේ බිරිඳ ද අසාධ්‍ය තත්ත්වයේ පසු වන බව වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *