නිරෝධායනය වූ දහස් ගණනක් මේ සතියේ සමාජයට ; අද 350ක්

කොවිඩ් 19 වෛරසයට ගොදුරු වී ඇතැයි සැකපිට නිරෝධායනයට යොමු කළ අය අතරින් දහස් ගණනක් මෙම සතිය තුළ සමාජ ගත කළ හැකිවන බව සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග කියයි .

විදේශවල සිට පැමිණ අනිවාර්ය නිරෝධනයට යොමු කළ 350ක පළමු කණ්ඩායම සමාජගත කිරීම අද සිදුවන බව කියති . පසුගිය 10 දා නිරෝධායනයට යොමු කළ මෙම පිරිස මේ වනවිට දින 14ක නිරෝධායන කාලය අවසන් කොට ඇත.

එමෙන් ම නිවෙස් තුළ නිරෝධායනයට යොමු කළ අය අතරින් විශාල පිරිසක් ද ඉදිරි දිනවල සමාජ ගත කළ හැකි වන බව අපේ ආරංචි මාර්ග කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *