හොඳ අසල්වැසියන් වර්ධනයට රුකුලක් – ජෝසප් ස්ටිග්ලිට්ස්

isනොබෙල් සම්මානලාභී ජෝසප් ස්ටිග්ලිට්ස් විශ්වාස කරන පරිදි ශ්‍රී ලංකාවට වර්ධනය දිරි ගන්වා ගැනීම සඳහා ඉන්දියාව සමග සම්බන්ධ විය හැකි ය. එසේම, හරිත ආර්ථික ව්‍යවසාය කෙරෙහි අවධානය යොමු කළ හැකි අතර ආදායම් වර්ධනය කර ගැනීම සඳහා කාබන් බදු භාවිතා කළ හැකි ය. ඔහු මේ බැව් සඳහන් කළේ පසුගියදා කොළඹදී පැවති ආර්ථික සංසදයේදී ය.

“ශ්‍රී ලංකාව පිහිටා තිබෙන ආසියාවේ චීනය 6%ක පමණ වර්ධනයක් පවත්වාගෙන යනවා. ශ්‍රී ලංකාවේ අසල්වැසි ඉන්දියාව ලෝකයේ සෙසු තැන්වල දක්නට ලැබෙන එක තැන පල්වීමට වඩා වෙනස් තත්වයක සිටින රටක්.

“මෙ ගෝලීය පරිසරය ඇතුළේ ඔබ සාධාරණ ලෙස යහපත් අන්දමින් අසල්වැසියන් සමග කඑයුතු කර තිබෙනවා. ඉතා කෙටි කාල සීමාවන් කෙරෙහි අවධානය යොමු කිරීම ඉතා ස්වාභාවිකයි. එහෙත් මධ්‍ය කාලීන දැක්මක් ඇති කර ගැනීම තුඵ සුබවාදී කාරණා තිබෙනවා. මුල් ම කාරණය වන්නේ ඔබගේ ප්‍රධාන බල ශක්ති ප්‍රභවය වන්නේ හිරු වීමයි. එය අති විශාල වාසියක්. ලෝකය කාබන්වලින් නිදහස් වෙමින් තිබෙනවා. ගල් අඟුරු මත යැපෙන රටවල් අවාසිදායක තැනකයි ඉන්නේ. සූර්ය බලශක්තියේ විභවතා විසින් ශ්‍රී ලංකාව වාසිදායක තැනක තබා තිබෙනවා. එය ‍යහපත් තත්වයක් ලෙස සැලකිය යුතුයි. දෙවන කාරණය වන්නේ කලාපයක් වර්ධනය වන විට එම කලාපයේ පරිභෝජනය වැඩි කරනවා. ඇතැම් විට නිෂ්පාදනයත් වැඩි වෙනවා. එහෙත්, අගමැතිවරයා පෙන්වා දුන් පරිදි වැඩි වන ජනගහණය පෝෂණය කළ යුතු වෙනවා. ඔබ කෘෂි ඵලදායිතාව වැඩි කර ගන්නවා නම් එමගින් ඉහළ වැටුප් වර්ධනයක් ඇති වන්නට පුළුවන්.

“එක්සත් ජනපදය හා යුරෝපා රටවල් සතුව ඉහළ මට්ටමේ කෘෂි අපනයන තිබෙනවා. ඒ මත සැලකිය යුතු බදු පැනවීමක් ද තිබෙනවා. ඉතා සමානාත්මතාවාදී බද්දක් වන්නේ ඉඩම් බද්දයි. එය කැපී පෙනෙන ආදායම් මාර්ගයක් වී තිබෙනවා. එය කුලිය මත බද්දක් වන අතර එමගින් ඉඩමේ ඵලදායිතාව වැඩි කරනවා. සිංගප්පූරුවේ සාදෘෂ්‍යය රසවත් එකක්. එරට ආර්ථික වර්ධනය පටන් ගත්තේ ඉතා දිළිඳු මට්ටමක සිටයි. සිංගප්පූරුවේ සාර්ථකත්වය සංවර්ධන රාජ්‍යයක් සඳහා ඉතා හොඳ ආදර්ශයක්. ආර්ථිකය මෙහෙයවීමේදී රජය වැදගත් භූමිකාවක් ඉටු කළා. වෙළඳපොළවල් හොඳින් භාවිතා කළා. එමගින් තරගකාරී පරිසරයක් ද සපයනු ලැබුවා. එහෙත්, පෞද්ගලික අංශයටත් තමන් කැමති ඕනෑම ආකාරයකට පවතින්නට ඉඩ දුන්නේ නැහැ. සිංගප්පූර්වේ පාඩම් අතරින් එකක් වන්නේ එරට විසින් ඇතුළත් කර ගන්නාසුළු වර්ධනයක් ප්‍රවර්ධනය කිරීමයි. ශ්‍රී ලංකාවේ ඉතිහාසය සැලකූ විට එය ඉතා අදාළ තත්වයක්.

“සාපේක්ෂ වාසි හා අංශ අතර වෙනස්කම් ආදිය ගැන ද සිතිය යුතුයි. ඇතැම් අංශවල වටිනාකම් එකතු කිරීමේ හැකියාව වැඩියි. එහි ඉහළ ඵලදායිතාවකුත් තිබෙනවා. ඇතැම් අංශ දිරිගැන්විය යුතු අතර අනෙක් අංශ ගැන පරීක්ෂාකාරී විය යුතුයි. විෂමතා ඇති නො වන පරිදි කටයුතු කිරීමත් වැදගත්. ශ්‍රී ලංකාවේ සාපේක්ෂ වාසි ගැන සැලකිලිමත් වෙමින් ඒ තරම් මිත්‍රශීලී නො වන ලෝකයක් සමග ගනුදෙනු කිරීමේ හැකියාව ඔස්සේ එයින් වාසි ලබා ගැනීම පිළිබඳ අවධානය යොමු කළ යුතුයි.”

ස්ටිග්ලිට්ස් විසින් මෙසේ මුලපුරන ලද සාකච්ඡා මණ්ඩපයේදී ඉතා වැදගත් අදහස් රැසක් සාකච්ඡාවට ගැනුණා.

ශ්‍රී ලංකාව ව්‍යතිරේඛයක් විය හැකි ආකාරය පිළිබඳ හා එම තත්වයට එරට ජනතාව ප්‍රතිචාර දක්වන ආකාරය පිළිබඳ අධ්‍යයනය කරන්නට තමන් කැමති බව පැවසුවේ ය. “මට පෙනෙන ආකාරයට, කැපී පෙනෙන වර්ධනය විය හැකි කලාපයක් වන සංචාරක කර්මාන්තයට අමතරව, ඉඩම් ඵලදායිතාව කෙරෙහි දක්වන අවධානයේ සිට දැනුම ආර්ථිකයක් වෙතට ගමන් කළ හැකියි. නාගරීකරණය නො වෙනවා නම් වඩා හොඳයි. එක්සත් ජනපදයේ ජනතාව නාගරික කේන්ද්‍රවල සිට ඔවුන්ට පහසුවෙන් ජීවත් විය හැකි ප්‍රදේශ කරා යමින් සිටිනවා. ශ්‍රී ලංකාවට කෘෂිකර්මාන්තයේ සිට දැනුම ආර්ථිකයක් වෙතට පිම්මක් පැනීමේ හැකියාව තිබෙනවා.”

සාකච්ඡා මණ්ඩපය සමග සම්බන්ධ වූ අගමැතිවරයා පැවසුවේ හැකි ඉක්මණින් ආයෝජන දිරි ගැන්විය හැකි ආකාර පිළිබඳ තමන් අවධානය යොමු කර ඇති බවයි.

“දැන් අපට වෙනස්කම් කිරීමට සිදු වී තිබෙනවා. අපට තව දුරටත් අඩු වැටුප් ගෙවන රටක් ලෙස පවතින්නට බැහැ. මා සිතන පරිදි අප කළ යුතු දේ නිවැරදිව හඳුනාගෙන තිබෙනවා. අපි නිෂ්පාදන අංශයට පිවිසිය යුතුයි. අපි අපගේ ජනතාව වෙනුවෙන් ආයෝජනය කළ යුතුයි. නාගරීකරණය වැඩි වන විට වැඩියෙන් ඉඩම් නිදහස් කරනු ඇති. අපට වඩා හොඳ ඵලදායිතාවක් ඇති නවීකරණය කරන ලද අංශයක් ලෙස කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනය කළ හැකියි. වී වගාවේ ඵලදායිතාව වැඩි කළහොත් අපට සහල් අපනයනය කළ හැකියි. මා දේශපාලනයට එන විට සාකච්ඡාව තිබුණේ අපට සහලින් ස්වයංපෝෂිත විය හැකි ද යන්න ගැනයි. එහෙත්, මේ අවුරුද්දේ අපට ඉහළ අස්වැන්නක් ලැබුණා. එයට කළ හැක්කේ කුමක් ද කියා අපට අදහසක් නැහැ.”

ප්‍රධාන වශයෙන් ම බටහිර යුරෝපයේ, උතුරු ඇමරිකාවේ හා ඕස්ට්‍රේලියාවේ සිටින ඩයස්පෝරාව ආයෝජනයට යොමු කර ගැනීම කෙරෙහි රජය අවධානය යොමු කර ඇති බව ද, එහිදී උතුරු හා නැගෙනහිර පළාත් සුවිශේෂ බව ද අගමැතිවරයා පැවසී ය.

“ඩයස්පෝරාවේ සුවිසල් පිරිසක් වෘත්තිකයෝයි. ඔවුන් අධ්‍යාපනය දියුණු කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. ප්‍රාග්ධනය රැගෙන ඒමේ හා ආයෝජන වර්ධනය කිරීමේ හැකියාව ද ඔවුන්ට තිබෙනවා. ශ්‍රී ලංකාවත්, ඉන්දියාවත් අතර ශක්තිමත් සම්බන්ධයක් තිබෙනවා. අපට ඉන්දියාවේ වේගයෙන් වර්ධනය වන ප්‍රාන්ත සමග සම්බන්ධ විය හැකි නම් එය වාසිදායකයි. අපි දැනටමත් ඉන්දියාව සමග ගිවිසුමක් අත්සන් කිරීමට සාකච්ඡා කරමින් ඉන්නවා. එසේ ම ජී.එස්.පී. ප්ලස් බදු සහන නැවත ලබා ගැනීමට උත්සාහක් තිබෙනවා. අපට ඉන්දියාවේ වේගයෙන් වර්ධනය වන ප්‍රාන්ත සමග සම්බන්ධ විය හැකි නම් එය වාසිදායකයි. අපි දැනටමත් ඉන්දියාව සමග ගිවිසුමක් අත්සන් කිරීමට සාකච්ඡා කරමින් ඉන්නවා. එසේ ම ජී.එස්.පී. ප්ලස් බදු සහන නැවත ලබා ගැනීමට උත්සාහ කරනවා. එය තරගකාරී වීමට අපට අවස්ථාව ලබා දෙනවා. ආයෝජන වර්ධනය කිරීම පිළිබඳව චීනය අප සමග සාකච්ඡා කරමින් ඉන්නවා. ඔවුන් ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනයට විශාල ආයෝජන කර තිබෙනවා. අපි ජපානය සමග ද සංවර්ධනය වැඩි කර ගැනීම පිළිබඳ සාකච්ඡා කර තිබෙනවා.”

සාකච්ඡා මණ්ඩපයට එක් වෙමින් ස්ටිග්ලිට්ස් පැවසුවේ ශ්‍රී ලංකා රජයේඋනන්දුව ගැන තමන් සතුටු වන බවයි. විශේෂඥයන් හා ප්‍රතිපත්ති සම්පාදනකයන් අතර නිමග්න වීම් සඳහා තිබෙන කලාපය ගැන ඔහු අදහස් දැක්වූයේ ය. ඔහු පෙන්වා දුන් තවත් කරුණක් වන්නේ සංවර්ධිත මෙන් ම සංවර්ධනය වෙමින් පවතින රටවල් සමග සම්බන්ධ වීමෙන් තාක්ෂණය හුවමාරු කර ගත හැකි බවයි.

“කළ හැකි දේ ගැන සිතන විට, උපදේශනයට හා පහසුකම් සැපයීමට පුළුල් අවස්ථාවක් තිබෙනවා. එක්සත් ජනපදයේ අපි අප අරමුදල් සපයන රාජ්‍යයක් යයි සිතන්නේ නැහැ. අප අප ගැන සිතන්නේ අප ව්‍යවසායක රාජ්‍යයක් ලෙසයි. අප එක් කලෙක සිතුවේ සංවර්ධිත හා සංවර්ධනය වෙමින් පවතින රටවන් සම්පත් වනු ඇති බවයි. එහෙත් දැන් ආයතනවලට වඩා හොඳින් වෙළඳපොළ විසින් සම්පත් චලනය කරමින් තිබෙනවා. දියුණු රටවල පවා රජයට සංවර්ධිත හා සංවර්ධනය වෙමින් පවතින රටවල් අතර දැනුම පරතරය පියවීමට උපකාර කළ හැකියි. සැලසුම් කළ නගර ඉදි කිරීමේ දැවැන්ත අවශ්‍යතාවක් තිබෙනවා. දේශගුණ විපර්යාස සිදු වෙමින් තිබෙන ලෝකයක එය වඩාත් වැදගත් වෙනවා. එය කාබන් දහනය හා සම්බන්ධ කාරණාවලදී ඉතා වැදගත් වෙනවා.

“නිෂ්පාදන ආර්ථිකයකදී ඔබට කම්හල් නගරයේ වෙනත් කොටස්වලින් වෙන් කිරීමට සිදු වෙනවා. එහෙත් සේවා ආර්ථිකයකදී වඩා සමීප සංකේන්ද්‍රණයකට අවස්ථාව තිබෙනවා. සිය ජනගහණය විමධ්‍යගත කිරීමේ සක්‍රිය ප්‍රතිපත්තියක් ප්‍රංශයට තිබෙනවා. එහිදී පුරවර ගැන බොහෝ දේ සිතිය යුතුයි. අධික ජන ඝනත්වය හොඳ වෙන්නට පුළුවන්. එහෙත්, අඩු ජන ඝනත්වයක් ඇති ප්‍රදේශ ද තිබිය යුතුයි. වර්තමානයේ පුරවර අතීතයේ තිබුණු පුරවරවලට වඩා බොහෝ වෙනස්.

“ශ්‍රී ලංකාවේ අඩු ආදායම් තත්වය ඉතා අසාමාන්‍යයි. එමගින් ශ්‍රී ලංකාවේ උන්නතිකාමී අරමුණුවලට අරමුදල් සැපයීමේ හැකියාව හීන කරනවා. නිදහස් අධ්‍යාපනයට, මහජන සෞඛ්‍යයට හා නිවාසවලට අවධානය යොමු කිරීම වැදගත්. එහෙත්, ප්‍රශ්නය වන්නේ ශ්‍රී ලංකාව ඒ වෙනුවෙන් මුදල් සොයා ගන්නේ කෙසේ ද යන්නයි.

“අනෙක් වැදගත් කාරණය වන්නේ ශ්‍රී ලංකාවට බදු ආදායම් වැඩි කර ගත හැකි හොඳම ආකාරය කුමක් ද යන්නයි. එහිදී ආදායම් වැඩි කිරීමේ පදනම ගොඩනැගිය හැකි මූලධර්ම පද්ධතියක් තිබිය යුතුයි. ලෝකයේ රටවල් කාබන් බදු ගැන සිතනවා. එය ශ්‍රී ලංකාවට ආදායම් වැඩි කර ගත හැකි ආකාරයක්. ඔබට ප්‍රගතිශීලී ඉඩම් බද්දක් අවශ්‍යයි. එක් ආකාරයක් වන්නේ තමන්ගේ ඉඩම්වල වටිනාකම ප්‍රකාශ කිරීමට ඉඩම් හිමියන් දිරිගන්වා අවශ්‍ය විටදී රජය විසින් වෙළඳපොළ මිලට ඉඩම් මිළ දී ගැනීමයි. රට නව තාක්ෂණයන්ට විවෘත කර ගැනීමෙන් ඔබට පිම්මක් පැනිය හැකිව තිබෙනවා,” යි ද ස්ටිග්ලිට්ස් පැවසී ය.

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *