අද අලුත් කොරෝනා රෝගීන් 3ක් ; එකතුව 80 යි; හතර දෙනකු සුව අතට!

අද දිනයේ අලුතින් කොරෝනා  රෝගීන් තිදෙනකු හඳුනා ගැනීමත් සමග මෙරටින් වාර්තා වූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 80ක් බවට පත්විය.

පසුගිය දින දෙකේ දී අලුත් රෝගීන් වාර්තා වීමේ අඩුවක් පෙන්නුම් කොට ඇත.

මේ අතර කොවිඩ් 19 බවට තහවුරු වී ප්‍රතිකාර ලැබුවන් අතරින් සිවු දෙනකු සුවය ලබා ඇති බව ද වාර්තා වෙයි. ඔවුන් සම්බන්ධයෙන් අවසන් පරීක්ෂණ සිදු කරමින් සිටින අතර එම වාර්තාවල ප්‍රතිඵල අනුව ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරන බව කියති.

කොවිඩ්19  රෝගීන් දෙදෙනකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබති. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *