අනුරාධපුරයෙන් කොරෝනා ආසාදිතයන් හමුවූවේ යැයි කීම අසත්‍යක්


 
අනුරාධපුරයෙන් කොරෝනා ආසාදිතයන් සිව්දෙනෙකු හඳුනාගෙන ඇතැයි පැතිර යන ප්‍රවෘත්තියේ කිසිදු සත්‍යතාවයක් නොමැති බව අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය දුලාන් සමරවීර මහතා පවසයි.

කොරෝනා රෝගය විය හැකි බවට සැකපිට වවුනියාව පොළොන්නරුව දිස්ත්‍රික්කවල රඳවා සිටින සැක සහිත රෝගීන්ගේ සාම්පල පරීක්ෂා කිරීම සිදුකරනු ලබන්නේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ ඇති රසායනාගාරයෙදී බව ඒ මහතා පෙන්වාදෙයි.
 
ඊයේ (21) පොළොන්නරුවේ සිට පැමිණි රෝගීන් හතරදෙනෙකුගේ සාම්පල පරීක්ෂා කිරීමේදී  එම රෝගීන් හතරදෙනා කොරෝනා වයිරසය වැළදී ඇති බවට බවට තහවුරු වූ බවත් පෙන්වාදෙන ඒ මහතා එම රෝගීන් අනුරාධපුරයෙන් හමුවූ බවට පළකරන පුවත්  ප්‍රතික්ෂේප කරන බව සඳහන් කර සිටියේය.
 
පැතිර යන අසත්‍ය පුවත හේතුවෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසික රෝගීන් මෙන්ම නගර වාසීන්ද නොසන්සුන්තාවයට පත්ව ඇතැයිද  වෛද්‍යවරයා සඳහන් කර සිටියේය.

(උපුල් තම්මිට)

ලංකාදීප

Leave a Reply

Your email address will not be published. Required fields are marked *