කොළඹ, ගම්පහ,පුත්තලම දිස්ත්‍රික්ක 3ට ඇඳිරි නීතිය දීර්ඝ කෙරේ

මේ වන විට දිවයින පුරා පනවා තිබෙන ඇඳිරි නිතිය  කොළඹ, ගම්පහ, පුත්තලම යන දිස්ත්‍රික්කයන්ට අඟහරුවාදා උදැසන 6 දක්වා දිර්ඝ කර තිබේ.

 ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

එදිනම එනම් 24 වැනිදා අගහරුවාදා දහවල් 2ට ඒ ඒ දිස්ත්‍රිකවල නැවත ඇදිරිනීතිය  පනවනු ලැබේ.

 සෙසු දිස්ත්‍රික් වල ඇදිරිනීතිය මාර්තු 23 සදුදා උදේ 6 ට ඉවත් කෙරෙන අතර නැවත එදිනම දහවල් 2 සිට ක්‍රියාත්මක වේ.

 ඒ අනුව මෙම දස්ත්‍රික්කයන්ට පනවනු ලබන ඇදිරිනීතිය 24 අගහරුවාදා  උදේ 6 තෙක් බලපැවැත්වෙන බද එම නිවේදනයේ සඳහන්ය.
 
සියලු දිස්ත්‍රිකක්යන්හි ඇඳිරිනීතිය පැනවීම පිළීබද පසුව දැනුම් දෙන බවද ජනාධිපති ලේකම් කාර්යාලය කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *