සජිත් පිලේ ප්‍රබලයෝ ගම් අතහරිති

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගය ගොඩනැගීමට ප්‍රමුඛත්වය ගත් නායකයෝ ගණනාවක් තම සුපුරුදු ඡන්ද කොට්ටාසවලින් මෙවර තරඟ නොවදිති.

සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතා තමන් කාලයක් තිස්සේ සංවිධානය කළ හම්බන්තොට අතහැර මෙවර තරඟ  වදින්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.

සන්ධානයේ ලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා මෙවර මොනරාගලින් තරඟ වදින්නේ නැත. ඔහුගේ නම ජාතික ලැයිස්තුවට ඇතුළත් කොට තිබේ.

හරීන් ප්‍රනාන්දු මහතා බදුල්ලෙන් තරග නොකර ජාතික ලයිස්තුවේ ස්ථානයක් හිමිකරගෙන ඇත.

තිස්ස අත්තනායක මහතා ද මහනුවරින් තරග නොකර ජාතික ලැයිස්තුවට එක් වී සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *