ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ නාම යෝජනා ප්‍රතික්ෂේප වෙයි

ඉදිරි මහ මැතිවරණය සඳහා අද (19) කුරුණෑගල දිස්ත්‍රික්කයට නාමයෝජනා බාරදුන් පිළිගත් දේශපාලන පක්ෂ 13 ක් සහ ස්වාධීන කණ්ඩායම් 12 ක් අතරින් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් ඉදිරිපත් කළ අපේ ජන බල පක්ෂයේ නාමයෝජනා පත්‍රය සහ ස්වාධීන කණ්ඩායම් දෙකක නාමයෝජනා ප්‍රතික්ෂේප විය .

එම නාමයෝජනා පත්‍ර වල තිබූ අපේක්ෂකයින්ගේ දිවුරුම් ප්‍රකාශ දෝෂ සහිත වීම හේතුවෙන් ඒවා ප්‍රතික්ෂේප කිරීමට සිදුවූ බව කුරුණෑගල දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරී ආර්.එම්.ආර්.රත්නායක මහතා ප්‍රකාශ කළේය .
 
 මෙවර මැතිවරණය සඳහා කුරුණෑගල දිස්ත්‍රික්කයට පිළිගත් දේශපාලන පක්ෂ ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ , එක්සත් ජාතික පක්ෂය , සමගි ජන බලවේගය , ජාතික ජන බලවේගය , සිංහලදීප ජාතික පෙරමුණ , ජාතික සංවර්ධන පෙරමුණ , ශ්‍රී ලංකා කම්කරු පක්ෂය , පෙරටුගාමී සමාජවාදී පක්ෂය , ජනසෙත පෙරමුණ , ලිබරල් පක්ෂය , ශ්‍රී ලංකා සමාජවාදී පෙරමුණ , ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ , අපේ ජනබලය පක්ෂය යන පක්ෂ කුරුණෑගල දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරි ආර්.එම්.ආර්.රත්නායක මහතා ඉදිරියේ නාමයෝජනා බාර දුන්හ .
 
අතුරලියේ රතන හිමියන් නායකත්වය දරන අපේ ජන බලය පක්ෂය යටතේ බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කුරුණෑගල දිස්ත්‍රික්කය සඳහා මෙම මහා මැතිවරණයට නාමයෝජනා බාරදී මෙන්ම ප්‍රතික්ෂේප වූ පිළිගත් දේශපාලන පක්ෂයක එකම නාමයෝජනා පත්‍රය මෙය වීමද විශේෂ සිදුවීමක් විය.

( පුෂ්පකුමාර ජයරත්න )

ලංකාදීප

Leave a Reply

Your email address will not be published. Required fields are marked *