මැතිවරණය අප්‍රේල් 25දා තියන්න බෑ ; දිනය තීරණය කරන්නේ කොවිඩ් 19 – මැ කො සභාපති මහින්ද දේශප්‍රිය

දැන්  තිබෙන තත්ත්වය යටතේ මහ මැතිවරණය අප්‍රේල් 25 දා පැවැත්වීමට මැතිවරණ කොමිසමට කිසිදු හැකියාවක් නැති බව මැතිවරණ කොමිසම තීරණය කොට ඇති බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විශේෂ මාධ්‍ය සාකච්චාවක් කැඳවමින් ප්‍රකාශ කළේය.

මැතිවරණය සඳහා කළ යුතු මුලික කටයුතු කරගත නොහැකි තත්ත්වයක් මේ වනවිට උත්ගතව තිබීම එයට හේතුව බව දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේය.

මැතිවරණය පවත්වන දිනය මැයි , ජුනි හෝ ජුලි වුව ද විය හැකි බව කී මහින්ද දේශප්‍රිය මහතා එය තීරණය කරන්නේ කොවිඩ් 19 ත් , එය මැඩලීමට ක්‍රියාකරන කාර්ය සාධක බලකායත් , මෙරට ජනතාවත් විසින් බව වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *