කොළඹින් පක්ෂ 19 ක් ස්වාධීන කණ්ඩායම් 27 ක් නාමයෝජනා දෙයි


මෙවර මහ මැතිවරණය සඳහා නාම යෝජනා භාරගැනීම අද (19) දහවල් 12.00 ට අවසන් වූ අතර කොළඹ දිස්ත්‍රික්කය සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 19 ක් හා ස්වාධීන කණ්ඩායම් 27 ක් නාම යෝජනා භාර දී තිබේ.
 
ලබා දී ඇති නාමයෝජනා ලැයිස්තු සම්බන්ධයෙන් විරෝධතා වේ නම් ඉදිරිපත් කිරීමට අද (19) පස්වරු 1.30 දක්වා කාලය ලබා දී ඇත.  කොළඹ දිස්ත්‍රික්කය සඳහා නාම යෝජනා භාරගැනීම එම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදුකෙරිණ.

(ඩයනා උදයංගනී)

ලංකාදීප

Leave a Reply

Your email address will not be published. Required fields are marked *