එජාපය බදුල්ලට නාම යෝජනා බාර දෙයි


 
පාර්ලිමේන්තු මැතිවරණය සඳහා බදුල්ල දිස්ත්‍රික්කයෙන් තරඟ වැදීමට නියමිත එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම නාම යෝජනා භාර දීම  අද (19) බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදු කළේය.
 
එක්සත් ජාතික පක්ෂ කණ්ඩාමේ බදුල්ල දිස්ත්‍රික් කණ්ඩායම් නායක ඌව පළාත් සභාවේ හිටපු ඇමති උපාලි සමරවීර මහතා හා හිටපු පළාත් සභා මන්ත්‍රී ජයන්ත කන්නන්ගර ඇතුළු කණ්ඩායම බදුල්ල දිස්ත්‍රික්  තේරිම්භාර නිළධාරී දමයන්ති පරණගම මහත්මිය වෙත නාමයෝජනා පත්‍රය භාරදීම සිදු කෙරිණ.
 
බදුල්ල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු නියෝජිතයින් 09 දෙනෙකු තොරා ගැනිමට නියමිත අතර එක් කණ්ඩායමකින්  අපේක්ෂකයින් 12 දෙනෙකු ඉදිරිපත් කරනු ලබයි.

( ප්‍රසන්න පත්මසිරි)

ලංකාදීප

Leave a Reply

Your email address will not be published. Required fields are marked *