ඇඳිරි නීතිය පැය 6 කට ඉවතට

පුත්තලම දිස්ත්‍රික්කයට සහ මීගමුව කොච්චිකඩේ පොලිස් අධිකාරි බල ප්‍රදේශ සඳහා පනවා ඇති ඇදිරි නීතිය අද (19) පෙරවරු 08.00ට තාවකාලිකව ඉවත් කිරිමට තීරණය කර තිබේ. 

පොලිස් මූලස්ථානය සඳහන් කළේ අදාල ප්‍රදේශය සදහා පස්වරු 02.00ට නැවත පොලිස් ඇදිරි නීතිය පැනවීමක් සිදු කරන බවයි. 

කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරිම සඳහා ඊයේ (18) පස්වරු 04.30 සිට පුත්තලම දිස්ත්‍රික්කයට සහ මීගමුව කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශයට පොලිස් ඇදිරි නීතිය පනවනු ලැබුවේය. 

පුත්තලම පොලිස් අධිකාරි බල ප්‍රදේශය, හලාවත පොලිස් අධිකාරි බල ප්‍රදේශය සහ මීගමුව පොලිස් අධිකාරිබල ප්‍රදේශයේ කොච්චිකඩේ බල ප්‍රදේශය සදහා මෙම පොලිස් ඇදිරි  නීතිය පනවා තිබේ.  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *