ආචාර්ය හර්ෂ ද සිල්වා රනිල් හමු වී ඉල්ලා අස්වීම භාර දෙයි

සමගි ජන බලවේගයෙන් නාම යෝජනා දීමට සුදානම්ව සිටින ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අද එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා හමු වී පක්ෂයේ භාණ්ඩාගාරික තනතුරින් ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී ඇත.

තම තීරණය පක්ෂ නායකයාට දැනුම් දීම තම යුතුකම බව සිරිකොත අසල දී ප්‍රකාශයක් කරමින් ඒ මහතා පැවසීය.

තමා තුළ නායකතුමා ගැන ඇති ගෞරවය අඩු වී නැති බවත් කිසි විටෙක නායකතුමා විවේචනය කළේ හෝ කරන්නේ නැති බවත් හර්ෂ ද සිල්වා මහතා වැඩි දුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *