බැංකු ණය අයකිරීම මාස හයකට නවත්වයි ; පරිප්පු සැමන් අඩුවට

කොවිඩ් 19 නිසා ව්‍යාපාරවලට මුහුණදීමට සිදුව ඇති තත්ත්වය සැලකිල්ලට ගෙන බැංකුවලින් දී තිබෙන ණය අයකර ගැනීම මාස හයකට අත්හිටුවීමට ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා ඊයේ නියෝග කළේය.

එමෙන්ම ව්‍යාපාරවල කාරක ප්‍රාග්ධනය සදහා ලබාදෙන බැංකු අයිරා  සදහා 4% ක පොලියක් ද නියම කරනු ලැබීය.

පරිප්පු කිලෝවක් රුපියල් 65ක හා සැමන් ටින් එකක් රුපියල් 100ක මිලකට ලබාදීමට ද ජනාධිපතිතුමා නියෝග කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *