පොහොට්ටු සන්ධානයේ පොඩි පක්ෂවලට වෙන ම යන්නයි බැසිල් කියයි

තම තමන්ගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාර වෙන වෙන ම කරගෙන යන්නයි ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ මහ ලේකම් බැසිල් රාජපක්ෂ මහතා සන්ධානයට අයත් සෙසු පක්ෂවලට දැනුම් දී ඇත.

ඒ මහතා කියා ඇත්තේ සන්ධානයේ ප්‍රධාන පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තම මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය වෙන ම කරගෙන යාමට තීරණය කොට ඇති බවයි.

සන්ධානයට අයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය , ජාතික නිදහස් පෙරමුණ , පිවිතුරු හෙළ උරුමය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ ආදී පක්ෂවලට මෙන් ම වියත් මග සංවිධානයට ද තමන්ගේ මැතිවරණ ප්‍රචාරය වෙන ම කරගෙන යාමට මේ අනුව සිදුවනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *