ජේෂ්ඨ මාධ්‍යවේදී සමන් වගආරච්චි මහතා අභාවප්‍රාප්ත වෙයි

ජේෂ්ඨ මාධ්‍යවේදී සමන් වගආරච්චි මහතා අද දින අභාවප්‍රාප්ත වී ඇත. හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයකට ප්‍රතිකාර ලබමින් සිටිය දී ඒ මහතා අභාවප්‍රාප්ත වී තිබේ .

යුක්තිය පුවත්පතින්  මාධ්‍ය ජීවිතය ආරම්භ කළ ජේෂ්ඨ මාධ්‍යවේදී සමන් වගආරච්චි මහතා පසුව ලක්බිම පුවත්පත ආරම්භ කිරීමට ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළේය.

පසුව ලේක්හවුස් ආයතනයට සම්බන්ධවූ ඒ මහතා දිනමිණ කර්තෘ ලෙස ක්‍රියා කළේය .

පසු අවස්ථාවක ඔහු ලේක්හවුස් කර්තෘ මණ්ඩල අධිපති තනතුර ද හෙබ වීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *