සිරිසේන ගත්තේ පඹයගේ වැඩේ කරවාගන්නයි.. උකුස්සන්ට, කටුස්සන්ට මනාප දෙන්න එපා.. – ඇමති ප්‍රසන්න රණතුංග

සිරිසේන ගත්තේ පඹයගේ වැඩේ කරවාගන්නයි.. උකුස්සන්ට, කටුස්සන්ට මනාප දෙන්න එපා..

උකුස්සන් හා කටුස්සන් පොහොට්ටුවට එක්වෙමින් සිටින බවත් ඉදිරි මහා මැතිවරණයේ දී උකුස්සන් හා කටුස්සන් පාර්ලිමේන්තුවට යැවීමෙන් වළකින ලෙසත් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා ඉල්ලයි.

ඔහු පෙන්වා දෙන්නේ අනාගත අභියෝග හා අවධානම ගැන සලකා මහින්ද රාජපක්ෂ මහතා අතහැර නොයන පිරිසක් පාර්ලිමේන්තුවට තෝරා පත් කර ගැනීම මේ මොහොතේ ජනතාව සතු යුතුකම හා වගකීම බවයි. පොහොට්ටුවට ලංවී සිටින උකුස්සන් හා කටුස්සන් විශ්වාස කළ නොහැකි බව ද ඔහු අවධාරණය කරයි.

මිනුවන්ගොඩ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ සංවිධාන රැස්වීමකට එක්වෙමින් ඇමතිවරයා මේ බව සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *