ට්‍රම්ප්ට කොරෝනා නෑ !


ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට කොරෝනා වයිරසය ආසාදනය වී නැති බව වෛද්‍ය පරීක්ෂණවලින් තහවුරු වී ඇතැයි ධවල මන්දිරය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
 
ඉකුත් සිකුරාදා(13) දිනයේදී මෙම වෛද්‍ය පරීක්ෂණය සිදු කළ බව ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ඇමෙරිකානු ජනපතිවරයා පැවසීය.
 
‘බ්‍රසීල ජනපති සමඟ භෝජන සංග්‍රහයක් පවත්වා සතියක් ගතවූ නමුත් ජනපතිවරයා යහපත් සෞඛ්‍ය තත්වයේ පසුවෙනවා. පසුගිය දිනවලදී  ජනපතිවරයා සමඟ මේ සම්බන්ධයෙන් පැවැත්වූ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස වෛද්‍ය පරීක්ෂණයක් සඳහා පෙනී සිටීමට ඔහු කැමැත්ත පළ කළා’ යැයි ජනපති මාධ්‍ය ලේකම් ස්ටෙෆනි මැතිණිය පැවසුවාය.
 
ධවල මන්දිරයට සිකුරාදා දිනයේ පැමිණීමට පෙරද තම උෂ්ණත්වය සටහන් කරගත් බවද, එය සාමාන්‍ය තත්වයේ තිබූ බවද ඇමෙරිකානු ජනපති පැවසීය. මාධ්‍ය විසින් ගෙන යන කලබල සහිත තත්වය හේතුවෙන් තමන් පරීක්ෂණයට පෙනී සිටි බවද ඇමෙරිකානු ජනපති වැඩිදුරටත් සඳහන් කළේය.
 
(සීඑන්එන් ඇසුරිනි)
16844
ලංකාදීප
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *