යෝෂිත රාජපක්ෂ ඡන්දෙට එනවාට නාමල්ගෙන් විරෝධයක් !

මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ මහතා මෙවර මැතිවරණයට බදුල්ල දිස්ත්‍රික්කයෙන් තරග වැදීමට සියලු කටයුතු සුදානම් කොට ඇති අතර මහින්දගේ දෙටු පුත් නාමල් රාජපක්ෂ මහතා එයට තම විරෝධය ප්‍රකාශ කොට ඇති බව මැදමුලන තතු දත් ආරංචි මාර්ග කියයි.

නාමල් රාජපක්ෂ මහතා කියා ඇත්තේ දැනටමත් රාජපක්ෂවරු ගණනාවක් දේශපාලනයේ සිටින නිසා තවත් අය පැමිණිය යුතු නැති බවයි.

ශිරන්ති රාජපක්ෂ මහත්මිය ද එම අදහසම ප්‍රකාශ කොට ඇති බව කියති.

කෙසේ වෙතත් යෝෂිත රාජපක්ෂ මහතා තම මැතිවරණ ප්‍රකාශන මේ වනවිට සුදානම් කරමින් සිටියි.

උවේ දේශපාලන බලය දරන වෙනත් රාජපක්ෂ වරුන් ද යෝෂිත බදුල්ලට පැමිණීමට විරුද්ධ බව කියති.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *