ඉවසුවේ දුර්වල නිසා නොවේ ; ගැටෙන්න එපා කියා නායකතුමා කී නිසා – වජිර අබේවර්ධන

කිසිදු විනයක් නැතිව, ඇගේ හයියෙන්, කටේ හයියෙන් දේශපාලනය කරන්න හදන අය පරාජය කිරීමට ජනතාව පියවර ගත යුතු බව එජාප හිටපු මන්ත්‍රී වජිර අබේය්වර්ධන මහතා පවසයි .

මෙම පිරිසගේ වැඩ මෙතෙක් ඉවසා සිටියේ දුර්වලකමක් නිසා නොව ගැටුම් ඇතිකර නොගෙන එක්ව ගමනක් යාමට කටයුතු කරන ලෙස නායක තුමා උපදෙස් දී තිබු නිසා බවද එඒ මහතා කීය.

එළැඹෙන මහ මැතිවරණයට අලියා ලකුණ යටතේ එක්සත් ජාතික පක්ෂයෙන් හැර වෙනත් පක්ෂවලින් නාමයෝජනා ලබා දෙන පක්ෂ සංවිධායකවරු ඉවත් කර ඒ වෙනුවට අලුත් සංවිධායකවරු පත් කිරීමට තීරණය කර ඇත.

දැනටමත් මෙම ක්‍රියාවලිය ආරම්භ කර තිබෙන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී ඊයේ (11) පැවැති මාධ්‍ය හමුවේ දී අනාවරණය කළේය.

ලිලිත් ඇතුලත්මුදලි හා ගාමිණි දිසානායක ඇතුළු පිරිසක් වරක් පක්ෂය කඩාගෙන ගොස් ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ ලෙස නව පක්ෂයක් බිහි කළ බව කී අබේවර්ධන මහතා, ටික කලකින් ම එම නව පක්ෂය අනිච්ඡාවත සංඛාරා වු බව ද කීවේය. පක්ෂයේ පිරිසක් විසින් දැන් ගොඩ නඟා තිබෙන අසමඟි බලවේගය වගේම එදා ඒ පක්ෂයත් රට තුළ ක්‍රියාත්මක වු බවත් මේ නිසා මේ බලවේගයටත් නුදුරේදීම අනිච්ඡාවත සංඛාරා තත්ත්වය අත් වන බව ද හෙතෙම ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *