තුනෙන් දෙකක් අපට ඕනෙ නෑ. තුනෙන් දෙකක් අපට ගන්නත් බෑ – පවිත්‍රා

පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකක බලයක් ලබාගැනීමේ වුවමනාවක් හෝ එවන් හැකියාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට නොමැති බව අමාත්‍ය පවිත්‍රා දේවී වන්නිආරච්චි මහත්මිය අවධාරණය කරයි.

“තුනෙන් දෙකක් ගන්න අපට ඕනෙ නෑ. තුනෙන් දෙකක් අපට ගන්න බෑ ! යුද්ධෙ දිනපු වෙලාවෙ ගත්තාට තුනෙන් දෙකක් ගන්න බැරිවෙයි. අඩුම ගාණෙ රත්නපුර දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රීවරු 07 දෙනෙක්වත් පාර්ලිමේන්තුවට යවලා, පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු 113ක්වත් පාර්ලිමේන්තුවට යවන්ඩ ඕනෙ” යනුවෙනුයි ඒ මහත්මිය සඳහන් කළේ. 

පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මිය මේ බව පැවසුවේ ඊයේ (11) රත්නපුරයේ පැවති ජනහමුවක් අමතමිනි.

මහමැතිවරණය කැඳවීමට කලකට පෙර සිටම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රකාශ කරමින් සිටියේ තමන් අනිවාර්යයෙන්ම තුනෙන් දෙකක බලයක් ලබාගෙන 19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර දමන බවකි. එහෙත් දැන් ඔවුන් එම අදහස වෙනස් කරගෙන ඇති බවක් පෙනේ. 

RN

LANKANEWSWEB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *