“උනුත් ඒකයි ; මුනුත් ඒකයි” – GMOA කියයි

තමන් කියන ඖෂධ මාෆියාව පාලනය කරන්නට පසුගිය ආණ්ඩුවට මෙන් ම මේ ආණ්ඩුවට ද හැකි වී නැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ( GMOA) ප්‍රකාශ කරයි. ඔවුන් කියන්නේ රජයේ රෝහල්වල ඖෂධ හිගයට විසදුම් දීමට ද ආණ්ඩු දෙක ම අසමත් වූ බව යි .

ඖෂධ හිග බව පසුගිය රජය සමයේ තමන් කියන විට නිලධාරීනේය නොපිළිගත් බවත් , දැන් ඖෂධ හිගයක් ඇති බව නිලධාරීන් ද පිළිගන්න බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් හරිත අලුත්ගේ මහතා වැඩි දුරටත් පැවසී ය.

වෛද්‍ය සංගමය මෙම අදහස් ප්‍රකාශ කළේ ඊයේ කොළඹ පැවති මාධ්‍ය සාකච්ඡාවක දී ය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *