පොලිසිය හමුදාවක් ලෙස ක්‍රියාකිරීම අවසන් කල යුතුයි – කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජිබර් රහුමාන්

M. Ranuman - 2යද්ධය පැවති සමයේ මානසිකත්වයෙන්ම තමයි තවමත් පොලීසියේ කි‍්‍රයාත්මක වෙන්නෙ. ලංකාවේ පොලීසිය හමුදාවක් ලෙසයි ක‍්‍රියාත්මක වෙන්නෙ. පොලීසිය රෙජිමන්ට් එකක් නෙමෙයි. සමහර පොලිස් නිලධාරීන් හිතාගෙන ඉන්නවා යුනිෆෝම් එක ඇඳපු ගමන් එයාල තමයි ලොක්කො කියල. සමහර පොලිස් නිලධාරීන් හිතන්නේ ඒ අය තමයි අධිකරණය කියල. ඒ අය තමයි විනිශ්චය ලබාදෙන පිරිස කියල. ඒ මානසිකත්වය වෙනස් කළ යුතුයි.

ඔබට සිංහල භාෂාව පිළිබඳ නිපුණත්වයක ඇති බව පේනවා. ඒ වගේම ඔබ සිංහල භාෂාවෙන් චතුර ලෙස කතාපැවැත්වීමේ හැකියාවක් තියෙනව. එයට පසුබිම?

මම ප‍්‍රථමික අධ්‍යාපනය ලැබුවෙ සිංහල භාෂාවෙන්. ඒ කොළඹ මහා බෝධි විද්‍යාලයෙන්. මගේ පංතියෙ හිටපු එකම මුස්ලිම් ළමයා මම වීමත් විශේෂත්වයක්. අනික මම ද්‍රවිඩ භාෂාව කතා කරන පිරිස වගේ සිංහල භාෂාව කතා කරන අයත් ඇසුරු කරනවා. මම පදිංචිව ඉන්න ප‍්‍රදේශයේ වැඩිපුරම ඉන්නේ සිංහල භාෂාව කතාකරන පිරිසකුයි. ඒ නිසා මට කුඩා කාලයේ සිටම සිංහල භාෂාව ආගන්තුක භාෂාවක් වුනේ නෑ.

ඔබේ අධ්‍යාපනයේ ඉලක්කය වූයේ කුමක්ද?

කොළඹ සහිරා විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය හැදෑරුවට පස්සේ නීතිඥයෙක් වීමේ අරමුණෙන් නීති පීඨයට ඇතුළත් වුණා. සමාජ ක‍්‍රියාකාරීකයකු වීම නිසා හා දේශපාලනයට සම්බන්ද වීම නිසා ඇති වූ අවිවේකය නිසා, එය සම්පූර්ණ කරගැනීමට නොහැකි වුණා.

මෙවර මැතිවරණයේ දී කොළඹ දිස්ත‍්‍රික්කයේ කැපීපෙනන චරිත සිටියදී දේශපාලනයට අලූත් මුහුණක් වූ ඔබ පාර්ලිමේන්තුවට තේරී පත්වෙනවා. ඔබ දෑවැන්ත මැතිවරණ ව්‍යාපාරක් ගෙනගිය බවත් පෙනෙන්න තිබුණෙ නැ. ඔබේ ජයග‍්‍රහණයට හේතුව වශයෙන් ඔබ දකින විශේෂතා මොනවද?

නීතිය හැදෑරීමට විශ්ව විද්‍යාලයට යෑමෙන් අනතුරුව මම අසාධාරණයට විරුද්ධව දීග_කාලයක් සටන් බිමේ හිටියා. අසාධරණයට එරෙහි වියයුතු හැම තැනකදීම මම ක‍්‍රියාකාරීව ඒවාට සහභාගි වුණා. ඒත් දේශපාලනඥයෙක් වශයෙන් මැතිවරණයකට ඉදිරිපත් වෙන්න සුදුසුකම් ලබන්න අවශ්‍ය ප‍්‍රධාන දේශපාලනධාරාව තුළ මම හිටියේ නැහැ. 2005 දි තමයි මම එක්සත් ජාතික පක්‍ෂයත් සමග සම්බන්ධවෙලා ප‍්‍රධාන දේශපාලනධාරාවට එකතුවෙන්න පියවර තබන්නෙ. ඊට පෙර මම සුළු සුළු කණ්ඩායම්, සුළු දේශපාලන පක්‍ෂ නියෝජනය කරමින් තමයි දේශපාලනය කෙරුවෙ. ප‍්‍රධාන දේශපාලන ධාරාවට එක්වුණාට පසුව පසුගිය රාජපක්‍ෂ පාළන සමයෙ හා ඊට පෙරත් ජනතාවගේ අයිතීන් වෙනුවෙන් කතා කරපු දේවල් ප‍්‍රධාන සාධකයක් ලෙස මගේ ජයග‍්‍රහණයට බලපෑවා.

මෙවර මැතිවරණයෙදි වෙන කවරදාටත් වඩා කොළඹ දිස්ත‍්‍රික්කය දෙස ජනතා අවධානය යොමු වුණා. ජයග‍්‍රහණය කරන බවට අනුමාන කළ ජනප‍්‍රිය චරිත පවා නොසිතූ අයුරින් පරාජයට පත්වුණා. ඔබ පූර්ව නිගමනයක හිටියද ඔබට ජයග‍්‍රහණයක් හිමි වී පාර්ලිමේන්තුවට තේරීපත්වෙන්න හැකිවෙයි කියා?

ඉතිහාසයේ මැතිවරණ ගැන බලන විට මෙවර කොළඹ දිස්ත‍්‍රික්කයේ එක්සත් ජාතික පක්‍ෂ අපේක්‍ෂක ලැයිස්තුව ඉතාමත් ප‍්‍රබල එකක්. එකෙදි  කවුද දිනන්නෙ කවුද පරදින්නෙ කියල හිතන්න බරි තත්ත්වයක් තිබුණෙ. එතරම් තරගකාරියි. ඒ අතර ජනප‍්‍රිය චරිත හිටියා. විශාල වශයෙන් මුදල් වියදම් කරන්න පුලූවන් අය හිටියා. ඒවගේ චරිතත් එක්ක තමයි මම තරගයට මුහුණ දුන්නෙ. ඒත් මට විශ්වාසයක් තිබුණා ජයග‍්‍රහණය ගැන. මම පහුගිය කාලපරිච්ෙඡ්දයේදී ජනතාව වෙනුවෙන් නිර්භීතව, අභීතව කොළඹ නරගය තුළ අසාධාරණකම්වලට විරුද්ධව පෙනී හිටිය නිසා ජනතාව මම ගැන විශ්වාස කරල මට ඡුන්දය පාවිච්චි කර ජයග‍්‍රහණයක් ලබාදෙයි කියල මට විශ්වාසයක් තිබුණ.

පොදු අපේක්‍ෂකයා, දිනසියයේ ආණ්ඩුව, ජිනීවා මානව හිමිකම් කොමිසම, කොළඹ වරාය නගරය, අල්ලස, ¥ෂණ, කොමිස් ගත් ¥ෂිතයන් ඇල්ලීම වැනි මාතෘකා රැුසක් පහුකරගෙන දැන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව කරළියට ඇවිත් තියනව. මෙය නව ව්‍යවස්ථාවක් ද?, තිබුණ ව්‍යවස්ථාවටම සංසෝධන එක්කරනවද?, මෙය මාස තුනක් වැනි කෙටි කාලයකින් කළ හැකි වැඩක්ද?, නව ව්‍යවස්ථාවක් ගෙන ඒම විදේශ න්‍යායපත‍්‍රයකට අනුව කෙරෙන්නක්ද? යන ප‍්‍රශ්න මතුවෙලා තියෙනව. මේවාට ඔබට ඇති පිළිතුර?

මේක හදිස්සියෙ කරළියට ගෙනා කටයුත්තක් නෙමෙයි. මම දන්න තරමින්, විශේෂයෙන්ම විධායක ජනාධිපති ක‍්‍රමය ගැන, ඡුන්ද ක‍්‍රමය වෙනස් කිරීම ගැන අවුරුදු ගණනාක් තිස්සේ කථිකාවක් තිබුණ. විධායක ජනාධිපති ක‍්‍රමය ස්ථාපිත කරන ලද 1978 සිට ම එයට විරුද්ධව යම් යම් සමාජ බලවේග හඬක් නැගුව. විරුද්ධ පක්‍ෂ දිගටම ඍට විරුද්ධව  සටන් කෙරුව. ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයත් මේ වෙනුවෙන් දිගටම විරුද්ධත්වය ප‍්‍රකාශ කෙරුව. 1994 දි චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියත් පොරොන්දුවක් දුන්න මේක අහෝසි කරනව කියල. 2005 දි මහින්ද රාජපක්‍ෂ මහත්තයත් පොරොන්දු වුණා විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරනව කියල. යළිත් 2010 දිත් මහින්ද රාජපක්‍ෂ එම පොරොන්දුවම දුන්නා. මේ රටේ පක්‍ෂ භේදයකින් තොරව විශාල ජනමතයක් හා බහුතර අදහසක් තියනව ඡුන්ද ක‍්‍රමය හා විධායක ජනාධිපති බලතල අහෝසි කිරීමේ අවශ්‍යතාව පිළිබඳව. පහුගිය ජනාධිපති මැතිවරණයෙදිත්,  අපේ පක්‍ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා දිගින් දිගටම කතා කෙරුව, පාර්ලිමේන්තුවට බලය පවරන, පාර්ලිමේන්තුවේ බලතල වැඩි කරන, ජනතාවට වගකියන මන්ත‍්‍රීවරු පත්කරන ඡුන්ද ක‍්‍රමයක් ඇතුළත් අලූත් ව්‍යවස්ථාවක් මේ රටට හඳුන්වා දෙන්න  ඕනැ කියන එක පිළිබඳව. එය පාර්ලිමේන්තු මැතිවරණයෙදිත් ප‍්‍රකාශ කෙරුව. ඒ වෙනුවෙන් ජනමතයක් ලැබිල තියෙනව. ඒ වරම ජනතාව ලබල දීල තියෙනව. ඒක ක‍්‍රියාත්මක කරන්න තමයි ආණ්ඩුව ඉදිරියෙදි සැලසුම් කරල තියෙන්නෙ. මාස හයක පමණ කාලයක් මේ සඳහා ලබා දීල තියෙනව. එය ප‍්‍රමාණවත්. වඩාත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී විදිහට ජනතාවගේ අදහස් ගන්න කටයුතු කරගෙන යනව. පාර්ලිමේන්තුව කාරක සභාවක් හැටියට රැුස්වෙනව. සියලූම දේශපාලන පක්‍ෂවලට තමන්ගෙ අදහස් ඉදිරිපත් කරන්න පුලූවන්. ඒ සියලූම පාර්ශවල කරුණු විමසල හදන ව්‍යවස්ථාවක් හැටියට තමයි මෙය සම්පාදනය වෙන්නෙ. මෙය හදිසියේ ආව දෙයක් නෙමේ. වෙනත් බලපෑමකින් ආව දෙයකුත් නෙමේ. මේ පිළිබඳව පසුගිය කාලය පුරාම කථිකාවක් තිබුණ.

ඒත් පුදුමයට වගේ විධායක ජනාධිපතික‍්‍රමය අහෝසි කරන්න  ඕන කියල කතා කරපු උදවිය දැන් එයට පක්‍ෂව කතා කිරීමයි. ‘‘ලෝකෙ කිසිම රටක ජනාධිපතිවරයකුට මේ වගේ අසීමිත බලයක් නෑ. කිසිම රටකට මේ වගේ ව්‍යවස්ථාවක් නෑ. ඇමරිකාවේ ව්‍යවස්ථාවත් මීට වඩා ප‍්‍රජාතන්ත‍්‍රිකයි.’’ කියල කෑගහපු උදවිය අද මේ ව්‍යවස්ථාව ආරක්‍ෂා කරන්න පෙනී සිටීම විහිළුවක් බවට පත්වෙලා තියෙනව.

නව ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවෙ 2/3 ක ඡුන්දයකින් සම්මත වෙයිද? ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න වෙයිද? ජනමතයකට යාමට සිදුවෙයිද?

මේක සම්මත වීමට පාර්ලිමේන්තුවෙ 2/3 ක් අවශ්‍යයි. ඊළගට ජනමත විචාරණයකට යන්න අවශ්‍යයි. ඒ දෙක අනිවාර්යෙන්ම කළ යුතු දෙයක්.   පාර්ලිමේන්තුවෙ 2/3 ක් ලැබෙනව කියන්නෙ මේ රටේ බහුතර දේශපාලන පක්‍ෂ පනතට එක`ගයි කියන එක. ඒ අනුව ජනමත විචාරණයකින් ජයග‍්‍රහණය කරන එක ගැටළුවක් නෙමේ.

අපේ රටේ බොහෝ දේශපාලන පක්‍ෂ මෙන්ම, බෙහෝ දේශපාලඥයන් ආගම මුල් කරගෙන තමයි තම ජනප‍්‍රියතාවත්, පක්‍ෂයේ ජනප‍්‍රියතාවත් ඇති කර ගැනීමට උත්සාහ කරන්නෙ. ‘ආගම’ පවතින ව්‍යවස්ථාව වෙනස් කිරීමේ දී බලපාන සාධයක් වෙලා තියෙනව. 21 වන සියවසේ අඩක් දුර පැමිණ ඉන්න ලෝකයක ආගම මුල් කරගෙන පොදු සමාජ අවශ්‍යතාවයක් වූ දේශපාලනය කළ යුතුද?

තුන්වන ලෝකයේ රටවල් වල තියෙන ප‍්‍රවණතාවක් තමයි ආගම, ජාතිය, කුලය මුල් කරගෙන දේශපාලනය කිරීම. එය ඉන්දියාව, පකිස්තානය, නේපාලය, ශ‍්‍රී ලංකාව, බංගලාදේශය වගේ තුන්වෙනි ලෝකයේ රටවල් වල තියන තත්ත්වයක්. ඒව තවම මිනිස්සු අත්හැරල නැහැ. ඒ තුළ සියලූදෙනාම බලන්නෙ තමන්ගෙ කොටස හරියාකාරව ලබා ගැනීම පිළිබඳවයි. අපි ඉහළ සිට මොන තත්ත්වයකින් කතා කෙරුවත්, පහළ මිනිස්සුන්ගේ ඒ බැඳීම් තියනව. ඒ බැඳීම් ඉවත්කරන්න යනව වෙනුවට, එය හොඳ පැත්තකට යොදා ගත්තොත් තමයි හොඳ සමාජයක් බිහි වෙන්නෙ. ආගමික හරයන් අපේ එක්සත්කම වෙනුවෙන්, එකමුතුකම වෙනුවෙන් යොදා ගැනීමයි කළයුතු වෙන්නෙ. ආගම හොඳ දිසාවට ගෙනයාමට පුළුවන්නම් එය ගැටළුවක් බවට පත්වෙන එකක් නැහැ.

තමන්ගේ ආගම ම මුල් කරගෙන, ඒ මතම මුල් බැසගත් පිරිසක් ඉන්නවා. එයාලා බලය ඉල්ලන්නේ අගම, ජාතිය රැුකීම සඳහා කියා ප‍්‍රකාශ කරනව. ඔවුන් ආගම මුල් කරගෙන ව්‍යවස්ථා සංසෝධනයට විරුද්ධ වෙනව නම්?

සියලූ ආගම්වලට එක හා සමානව සැලකීම, සියලූ ජාතීන්ට එක හා සමානව සැලකීම අවශ්‍යයි. නමුත් ආගම දේශපාලනයක් කරගත් සුළු පිරිසක් ඉන්නව. තුන්වෙනි ලෝකයේ රටවල්වල පමණක් නෙමෙයි දියුණු රටවලත්, ආගම්වාදී, පැසිස්ට්වාදී කල්ලි ඉන්නව. යුරෝපයෙත් ඉන්නව. ජර්මනියෙත් ඉන්නව. ඒවා සමාජය හසුරවන ප‍්‍රධාන ධාරාවේ බලවේග නෙමෙයි. එවැනි සුළු ප‍්‍රතිශතයක් හැම රටකම ඉන්නවා. මම හිතන්නේ අපි ඒවා ගැන එතරම් ලොකු තැකීමක් කරන්න අවශ්‍ය වෙන්නෙ නෑ. එය සමාජයේ බහුතරයගේ අදහස නෙමෙයි. ඒ පිරිස කොහොමත් සතුටු කරන්න බෑ. ඒ අය සෑහීමකට පත්වෙන්නෙ නෑ. ඒ සුළුතරයේ අදහස ගැන කල්පනා කරනවට වැඩිය බහුතර පිරිසකගේ  ඕනෑ එපාකම් වෙනුවෙන් ගැන හිතලා මේ ගමන අපිට ඉස්සරහට යන්න වෙනව.

කොමිෂන් සභාගෙන ඒම ගැන ජනතාව විශාල උනන්දුවක් දැක්වුවා. එය ප‍්‍රශ්න විසඳීමේ විනිවිද පෙනෙන, කඩිනම් මාර්ගයක් වශයෙන් සැලකුවා. ඒත් ඒක එහෙම වෙලා තියෙනවද? අඹිලිපිටියේ තරුණායාගේ මරණය පිළිබඳ කොමිෂන්සභා වාර්තාව තවමත් නිකුත් කරල නැහැ. ඒ පිළිබඳව හා මෙවන් සිදුවීම් වරින් වර ඇති වීමට පොලීසියේ ක‍්‍රියාමාර්ග ගැන ඔබේ අදහස.
අඹිලිපිටියෙ තරුණයාගේ ඝාතනය පිළිබඳව ආණ්ඩුවට දොස්කීමට විපක්‍ෂය ලොකු උත්සාහයක් ගන්නව. එම සිද්ධිය ආණ්ඩුවට දොස් කිවයුතු සිද්ධියක් නෙමෙයි. එය පොලීසියේ විනය පිළිබඳ ප‍්‍රශ්නයක්. පහුගිය කාලෙම අපේ රටේ පැවති යුද්ධයක් එක්ක අනුගත වූ පොලීසියක් තියෙන්නෙ. යුද්ධය පැවති සමයේ ක‍්‍රියාකාරිත්වය, එම මානසිකත්වය තමයි තවමත් පොලීසියේ කි‍්‍රයාත්මක වෙන්නෙ. පොලීසිය එහෙම ආයතනයක් නොවිය යුතුයි. ඒක දෙපාර්තමේන්තුවක්. පොලීසිය ජනතාවත් සමග නම්‍යශීලීව, සුහුදව කටයුතු කරන්න අවශ්‍ය ආයතනයක්. ලංකාවේ පොලීසිය හමුදාවක් ලෙසයි ක‍්‍රියාත්මක කරන්නෙ. පොලීසිය රෙජිමන්ට් එකක් නෙමෙයි. ඒත් එවැනි තත්ත්වයක් යුද්ධයත් සමග ආව වටපිටාවත් එක්ක නිර්මාණය වුණා. පොලීසිය තුළ විශාල ප‍්‍රතිංස්කරණ රාශියක් කරන්න සිදුවෙනව. සමහර පොලිස් නිලධාරීන් හිතන්ඉන්නවා යුනිෆෝම් එක ඇඳපු ගමන් එයාල තමයි ලොක්කො කියල. සමහර පොලිස් නිලධාරීන් හිතන්නේ ඒ අය තමයි අධිකරණය කියල. ඒ අය තමයි විනිශ්චය ලබාදෙන පිරිස කියල. ඒ මානසිකත්වය වෙනස් කළ යුතුයි. සමාජයේ ඉදිරිගමන සඳහා පොලීසිය තුළ විශාල ප‍්‍රතිසංස්කරණ කිරීමට සිදුවෙනවා. පොලීසිය ඉන්නේ තවම පසුගාමී මානසික තත්ත්වයක. එය වෙනස් කළ යුතුයි. එවිට පොලීස් කොමිසමක් අවශ්‍ය නැහැ.

ඔබ සමාජ අසාධාරණය වෙනුවෙන්, අතුරුදහන් වූවන් වෙනුවෙන් පෙනී හිටිය. ඒවට යහපාලන ආණ්ඩුවෙන් සාධාරණයක් ඉටුවෙයිද?

පහුගිය කාලයේ අතුරුහදන් වූවන් පිළිබඳ පරීක්‍ෂණ ක‍්‍රියාත්මක වෙමින් යනව. ඇතැම් සැකකරුවන් නීතිය හමුවට පමුණවල තියෙනව. ඉදිරියෙදි ඔවුන්ට සාධාරණ ඉටුවෙයි කියල බලාපොරොත්තු වෙනව.

ඔබ පාර්ලිමේන්තුවේදී කරන ලද ප‍්‍රකාශයක් නිසා ඔබට පාර්ලිමේන්තුව තුළදීම තර්ජන ආවා. එතනින් පසුව ඉන් පිටතදීත් එවැනි තර්ජන එල්ලවුණාද? එම සිද්ධිය ගැන ඉදිරික‍්‍රියාමාර්ග මොනවාද?

මට එම සිද්ධියෙන් පසුව නම් තර්ජන එල්ල වුණේ නැහැ. මම දකින්නෙ මන්ත‍්‍රීවරයෙක් විදිහට ඒය බරපතල සිද්ධියක්. මේ රටේ තියෙන ඉහළම ආයතනය පාර්ලිමේන්තුව. කිසිම සීමාවකට යටත් නොවී  ඕනෑම දෙයක් කතා කරන්න පුළුවන් උත්තරීතර සභාව පාර්ලිමේන්තුවයි. එය ශ්‍රේෂාඨාධිකරණයට පවා තහංචි පනවන්න බැරි ස්ථානයක්. එහිදී මන්ත‍්‍රීවරයෙකුට තර්ජන ගර්ජන එල්ලවෙනව කියන්නෙ ප‍්‍රජාතන්ත‍්‍රවදය පවත්වාගෙන යාමේ භයානක තත්ත්වයක්. ආණ්ඩු පක්‍ෂයෙ ඉඳලත් ඒ තත්ත්වයට මුහුණ දීම කොතරම් ගැටළුවක්ද? විපක්‍ෂයේ මන්තී‍්‍රවරයෙකුට නම් කමක් නෑ. එම සිද්ධිය කථානායක තුමාගේ වරප‍්‍රසාද කොමිටියට එය යොමු කරල තියෙනව. ඒ පිළිබඳව කථානායකතුමා ඉදිරියේදී තීන්දුවක් ලබා දෙයි.

ජනාධිපතිතුමා මෑතකදි ප‍්‍රකාශකර තිබුණා ඒකීය කිව්වම උතුර බයවෙනව, ෆෙඩරල් කිව්වම දකුණ බයවෙනව කියල. එසේනම් අපි කොතනකට යායුත්තේ.

ජනාධිපතිතුමාගේ ප‍්‍රකාශයේ සත්‍යතාවයක් තියෙනව. එකීය කිව්වම උතුර කැමතිනෑ. ෆෙඩරල් කිව්වම දකුණ කැමති නෑ. මේ නිසා මේ දෙක අතරමැදි තත්ත්වයක් නිර්මාණය කරගන්න වෙනවා. එකීයද? ෆෙඩරල්ද? කියන ප‍්‍රශ්නයට වඩා මේ ප‍්‍රශ්නය විසඳන්නෙ නැතිව අපිට ඉදිරියට යන්න බෑ. අවුරුදු හැත්තෑ ගණනක් තිස්සේ නිදහස සැමරුවත් ආපසු හැරිල බැලූවොත් අපි ලබාගත්ත ජයග‍්‍රහණ කිසිදෙයක් නෑ. 1948 ට පෙර සුදු පාළකයින් හදපු දේවල් තමයි අපි තවමත් බුක්තිවිඳින්නෙ. ඒ ටික නැත්නම් මේ රටේ මොකුත්ම නෑ. මගෙ අදහස නම් රටක් හැටියට ඉදිරියට යන්න නම් මේ ප‍්‍රශ්නයට ස්ථිර විසඳුමක් ලබාගැනීම අත්‍යාවශ්‍යයි. අපේ රටේ විවිධ ජනකොටස් ජීවත්වෙනව. විවිධ ආගම් තියෙනව. විවිධ ජාතීන් ඉන්නව. විවිධ සංස්කෘතීන් තියෙනව. ඒ විවිධත්වය තුළ එක්සත්කම හදාගන්නෙ කොහොමද කියන එකයි අපිට තියෙන ගැටළුව. ඒකට අනිවාර්යෙන්ම විසඳුමක් හොයන්න වෙනව. ඒකට හොඳම අවස්ථාව තමයි මේක. රටේ ප‍්‍රධාන පක්‍ෂ දෙක එකතුවෙලා තියෙනව. මේ මොහොතෙදි මේ ප‍්‍රශ්නය නිරාකරණය කරගන්න බැරි නම්, මම හිතන්නෙ නෑ අපිට ආයෙ තව වතාවක් අවස්ථාවක් ලැබෙයි කියල.

පොදු අපේක්‍ෂ වශයෙන් ඉදිරිපත් වූ මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ පත්වීමට වසරක් සම්පූර්ණ වුණා. යහපාලන ආණ්ඩුවට ලමන මාසේ 16 දෙනිදට මාස හයක් පිරෙනවා. ඔවුන පැවති මැතිවරණ දෙකේදි ජනතාවට දුන් පොරොන්දු ඉටු කෙරුවද? ජනතාව තමන් පත්කරගත් ජනාධිපතිවරයාත්, ආණ්ඩුවත් පිළිබඳව සෑහීමකට පත්වෙනවද?

පහුගිය පාළනයත් එක්ක සාපේක්‍ෂව බලනකොට පසුගිය අවුරුද්දපුරා යම් වැඩකොටසක් කෙරිල තියෙනව. ජනාධිපති බලතල අඩුකිරීම, කොමිෂන්සභා පිහිටුවීම, මේ රටේ ප‍්‍රජතන්ත‍්‍රවාදය ස්ථාපිතකිරීම, මාධ්‍ය නිදයස ඇතිවෙලා තියෙනව. තවත් කළ යුතු බොහෝ දේ තියෙනව. අපි මේ ගොඩනගන්න හදන්නෙ අවුරුදු ගණනාවක් වල්වැදිච්ච, නරක්වෙච්ච, කඩාවැටිච්ච සමාජයක්. කිසි විනයක්, පාළනයක් නැතිව අයාලයේ ගිය රටක් අපට ගොඩනගන්න සිදුවෙලා තියෙන්නෙ. එක පවුලක් අතේ අසීමිත බලතල තියාගෙන ජනතාවට පීඩාදෙමින් හසුරවපු පාළන ක‍්‍රමයක් අපිට තිබුණෙ. ඒ පාළනයෙන් මිදිල ජනතාව නිවැරැුදි මාවතට ගෙනෙනවා කියන්නේ ලොකු කාර්යයක්. කළයුතු වැඩ සියල්ල අපිට ඉතා කෙටි කාලයකින් අවසන් කරන්න පුළුවන් කියල මම හිතන්නෙ නෑ. නමුත්, යම් යහපත් ක‍්‍රියාමාර්ගයකට ප‍්‍රවිෂ්ඨවෙලා තියෙනව. අල්ලස ¥ෂණ නැති කරන්න අල්ලස් ¥ෂණ විමර්ශන කොමිෂම ඇතිකරල තියෙනව, ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව ඇතිකරල තියෙනව. එෆ්.සී.අයි.ඞී. එක ඇතිකරල තියෙනව. එම ආයතන නිර්මාණය කරල හොඳ ගමනක් යන්න ලෑස්තියි කියන පණිවිඩය ආණ්ඩුව දීල තියෙනව. දැන් අපට තියෙන්නේ ඒ කටයුත්ත ඉස්සරහට ගෙනියන්න.

මනෝජ් රූපසිංහ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *