පොදු ලකුණකට කාලය ඉවරයි : දැන් අලියයි , දුරකතනයයි තීන්දුයි

දේශපාලන පක්ෂවලට තම ලකුණ මාරු කර ගැනීමට මැතිවරණ කොමිසම ලබා දී තිබු කාලය ඊයේ අවසන් වීම නිසා එජාප කණඩායම් දෙක පොදු ලකුණකින් ඉදිරිපත්වීම දැන් කළ නොහැකි තත්ත්වයට පත්ව ඇත .

එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණින් ද , සමගි ජන බලවේගය දුරකථනය ලකුණින් ද තරග වදින බව මේ වනවිට මැතිවරණ කොමිසම වෙත දන්වා ඇත .

මේ අතර දෙපාර්ශවය එක්ව තරග කිරීම සදහා ඊයේ හා පෙරේදා දිනවල කරු ජයසුරිය මහතාගේ නිවසේ තිබු සාකච්ඡා විසදුමකින් තොරව අවසන් වී ය.

දෙපාර්ශවය අවංකව සාකච්ඡා කරන්නේ නම් තම සහය තව දුරටත් ලබාදිය හැකි බව කරු ජයසුරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කොට තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *